කෙන්ඩා පෙරලීමට අත් බෙහෙත්
Gout: Visual Explanation for Students රක්තවාතය: සිසුන් සඳහා දෘශ්‍ය පැහැදිලි කිරීම
Gout - Mechanisms & Treatment රක්තවාතය - යාන්ත්‍රණ සහ ප්‍රතිකාර
Gout - causes, symptoms, diagnosis, treatment, pathology රක්තවාතය - හේතු, රෝග ලක්ෂණ, රෝග විනිශ්චය, ප්‍රතිකාර, ව්‍යධිවේදය
The Top 13 Causes of Inflammation: And How to Treat it Naturally ප්‍රදාහයට ප්‍රධාන හේතු 13: සහ ස්වභාවිකව ප්‍රතිකාර කරන්නේ කෙසේද? Dr. එරික් බර්ග් USA
විස නසන
පෙති තෝර - (Cassia tora) - (Senna tora)
තෝර පවුලේ වඩාත් ජනප්රියයා ලෙස සැළකෙන, පෙති තෝර, එහි අනෙකුත් සාමාජිකයන් වන පැණි තෝර ඇත් තෝර මෙන්ම කහපැහැති අලංකාරමලින් යුක්ත, බිත්තර හැඩැති සම්මුඛ පත්‍ර හයේ කට්ටලවලින් සැදි ඖෂධිය වටිනාකම් ඇති ශාකයක්.
ශ්‍රීලංකාවේ ශීත නොවන දේශගුණික කලාපවල බහුලව දක් නට ඇති අතර ,ඉන්දියාව චීනය පාකිස්ථානය පිලිපීනය, නේපාලය, භූතානය කොරියාව ආදි රටවල් ගණනාවක ආහාර හා ඖෂධ ලෙස යොදා ගන්නවා.
ring worm plant, sickle senna, takla, chakunda, pavand , coffee pod, sickle wild sensitive ආදි විවිධ නම් වලින් හැඳින්වෙන ශාකය, Fabaceae කුලයට අයත්.
ආයුර්වේදයෙහි වා, සෙම්, පිත්, යන තුන් දොසම සමනය කරන්නක් ලෙස හැඳින්වෙන අතර විවිධ රෝගවලට ඖෂධ ලෙස කොළ මුල් ඇට හා සහමුලින් ශාකය යොදා ගනු ලබනවා.
විෂ නාශකයක්, ප්‍රති ශක්තිය වර්ධනය කරන්නක්, රුධිර ශෝධකයක්, මුත්‍රාකාරකයක්, විරේචකයක් , ආහාර රුචිය වඩන්නක් සේ ම ශරීර ශක්තිය වර්ධනය කරන්නක් සේ ද ක්‍රියාත්මකවනවා.
හදවතට හිතකරයි. රුධිරය පිරිසිදු කරමින් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරනවා. රුධිරගත සීනි පාලනය කරමින් දියවැඩියාවට වැට බඳිනවා. මේද දහනය කිරීමේ හැකියාවක් පවතින බැවින් තරබාරුව ද පාලනය කර දෙනවා.
විෂ දුරුකරමින් අක්මාව සුරැකීමත් පෙති තෝර මගින් සිදුවන කාර්යයක්. සිරෝසිස් වැනි අක්මාරෝග පාලනය කිරීමට ඊට හැකියි. එහි ඇති ශක්තිය සර්ප විෂ පළවා හැරීමටද රට රටවල යොදාගන්නා බවට සටහන් දක්නට ලැබෙනවා.
ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියා කාරිත්වයට ද පෙති තෝර සහායවනවා. එහි ඇති විරේචන ගුණය මලබද්ධය දුරුකරන අතර , එය අන්ත්‍ර පිළිකා වළකාලනවා. අර්ශස් රෝගය ට එරෙහි ප්‍රතිචාර දක්වනවා. කිරිපණු ඇතුළු පණු රෝග දුරු කරනවා. මුත්‍රා වර්ධකයක් ලෙස ද සිරුරට උපකාර වනවා
ශ්වසන පද්ධතිය කෙරේ බල පෑමට ද පෙති තෝරවලට හැකියි . ඇදුම කැස්ස වැනි පෙණහළු ආශ්රිත රෝගවලදී එය සුව සලසනවා.
දද කුෂ්ට පණු කැවිලි ආදි සමේ රෝග සුව කිරීමේ හැකියාව පෙති තෝර සතුයි. උඳු ගොව්වාකෑම හා ලාදුරු සඳහාත් එමගින් ප්‍රතිකාර කෙරෙනවා.
සම නිරෝගි කරන ගුණය නිසා එය සම පැහැපත් කරනවා . තරුණ පෙනුම දිගුකල් රඳවා තබනවා
. සමේ රෝග සඳහා ශාකයේ ඇටවලින් වෙළඳ පොළට ඖෂධ ද නිපදවා ඇති බව සඳහන්. විවිධ ගුණැති පෙති තෝර ඇට, රට රටවල කෝපි පානයක් සේද යොදා ගන්නවා.
සෙම නිසා ඇතිවන උණ සමනය කර දෙන පෙති තෝර කුඩා දරුවන්ට දත් ඒමේදී ඇතිවන උණ අපහසුතාවලට ද ගුණ දායක බව සඳහන්.
සන්ධි හා වාත රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමේ ශක්තිය ද පෙති තෝර සතුවන අතර ආතරයිටිස් රෝග පාලනයට එය උපකාරිවනවා.සන්ධි අමාරුවලදී කොළ අඹරා ආලේප කිරීමෙන් සහනය ලැබෙනවා .
කොස් ඇටවලින් ඇතිවන වාතගති දුරලීමට වැලිකොස් ඇට තැම්බීමේදී ඊට තෝර කොළ එක්කරනු ලබනවා.
ශාකයේ ඇති විවිධ රසායන ගුණවලින් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය වන බැවින්, බෝ නොවන රෝගවලින් පමණක් නොව වයිරස් රෝග හා බෝවන රෝගවලින් වැළකීමේ හැකියාවද පවතිනවා.
පෙති තෝර කොළ තම්බා බීම බොහෝ රෝගවලට ගුණදායකයි. ඇදුම, කල් ගතවූ කැස්ස, සෙම නිසා හට ගන්නා උණ, ආදියට මෙන්ම ශක්තිය වැඩීමට ද එය උපකාරවනවා.
මැල්ලුම් වෑංජන ආදි වශයෙන් ළපටි කොළ හා මල් ආහාරයට යොදාගැනීමෙන්ද කොළ කැඳවලට මුසුකර ගැන්මෙන් ද පෙතිතෝර ගුණ සිරුරට ලබා ගත හැකියි .
84