ගැස්ට්‍රයිටීස් නසන ඖෂධීය මයිල ගස
ගැස්ට්‍රයිටීස් රෝග ලක්ෂණ
මයිල ගස තිලක් කන්දෙගම Myla tree Tilak Kandegama
අලි මයිල ගසෙ පොත්ත කනව Elephants eat the bark of the Myla tree
මයිල / Mayila / Bauhinia Rocemosa
මයිල ගස ආයුර්වේදයේදී ශ්වේත කාංචන ලෙසින් හදුන්වනු ලබන අතර ලංකාවේ වියළි කාලාපීය ප්‍රදේශවල බහුලව දක්නට හැකි මේ ශාඛය නගරවල පදික වේදිකා සෙවන කිරීමට ඉතා සුදුසු ශාකයකි. අප විසින් මෙවැනි ශාඛ වර්ග කිසිදු වටිනාකමක් නොමැති යැයි අත්හැර දැමුවද ලෝකයේ බොහෝ විද්‍යාඥයෝ විවිධ රෝග සඳහා ඖෂධ වර්ග සොයා ගැනීම පිණිස මයිල ගස සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ කරමින් අපගේ සාම්ප්‍රදායික දැනුමද උපයෝගී කරගෙන නව සොයා ගැනීම්වලට පෙලඹෙති. මෙම ශාක ආශ්‍රීතව ඇති පාරම්පරික දැනුම වටහාගෙන එය භාවිතවේ යෙදවීමෙන් එම දැනුම මෙන්ම ශාක ද යම් අයුරකින් ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි.
වියළි කලාපයේ බොහෝසේ දක්නට හැකි මයිල ශාකය 7 mක් පමණ උසට වැඩෙන කුඩා දේශීය ශාකයකි. නොමේරූ කඳ මඳ බූවක් සහිත වේ. පත්‍රය කෙළවරින් ඛන්ඩිකා දෙකකට බෙදී පවතින අතර ඛන්ඩිකා අග්රස්ථයෙන් වටකුරු ය. පත්‍ර පාදය තරමක් හෘදයාකාර වේ. ශඛාවන්ගේ අග්රස්ථයෙන් ඒකාක්ෂ පුෂ්ප මංජරියක් හට ගනී. කහ පැහැයට හුරු සුදු පැහැති මල් දිගින් cm1.5 - 2 පමණ වන අතර මල් රාශියක් එකවර හට ගන්නා නිසා මල් පිපෙන කාලයේදී ගස් ඉතා චමත්කාරය. ඵලය 12 - 25 cm අතර දිගින් යුත් නොපැලෙන කරලකි. ආයත හැඩයක් ගන්නා කළු පැහැති බීජ 7 - 8mm පමණ දිගය. කිරි රසින් යුත්ත ළපටි මයිල ඇට ළමුන් කෑමට ප්‍රිය කරයි. මයිල කොළ අලින්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස සැලකේ. උද්‍යාන අලංකරණයට සහ ගෘහ අලංකරණයට යොදා ගත හැකි සෙවණ සහිත ශාකයක් වන මයිල Fabaceae කුලයට අයත් ශාකයකි.
රත්පිත් , සිහි මුර්ජා වීම , මැලේරියාව නිසා ඇතිවන හිසෙහි වේදනා , අතීසාරය , පාචනය , අභ්‍යන්තර ලේ ගැලීම් , ගබ්සාවීම් , ගර්භස්‍රාව , ලේ පිටවන අර්ශස් , උගුරේ ආබාධ ආදියට ප්‍රතිකාර කිරීම සඳහා මයිල ශාකයේ මල් , කොළ , පොතු , මැලියම් ආදිය භාවිතා කරයි. අරිෂ්ට ආසව ආදී ඖෂධ නිශ්පාදනයේදී පැසවීමේ ක්‍රියාවලිය උත්තේජනය කිරීම සඳහා මලිත මල් භාවිතා කරන ආකාරයෙන් මයිල මල්ද භාවිතා කල හැකි වුවත් ඒ සඳහා මලිත මල් වඩත් සුදුසු බව දක්වා ඇත. එහෙත් මයිල මල් ද අරිෂ්ට ආසව නරක් නොවී කල් තබා ගැනීමට අවශ්‍ය මද්‍යසාර නිපදවන බව සඳහන් වෙයි.
* මැලේරියා උණ වැලඳීම නිසා හට ගත් හිසෙහි වේදනාවට මයිල කොළ තැම්බූ කෂාය බොන්නට දෙයි.
* අතීසාරය , පාචනය , අභ්‍යන්තර ලේ ගැලීම් , ගබ්සාවීම් , රක්ත අර්ශස් ආදියට වියළි මල් සහ කඳෙහි පොතු කෂාය ගුණය.
* අම්ල පිත්ත රෝගයේදී ඇතිවන ආමාශයික තුවාල සුව කර ගැනීම සඳහා මයිල කොළ සහ පොතු තම්බා බීම ඔසුවකි.
* මයිල කොළ සහ කාමරංගා පොතු පොට්ටනි බැඳ තැවීමෙන් උගුරේ ආබාධ සුව වෙයි.
* ප්‍රමේහයේදී මයිල මල් සහ පොතු තම්බා බොන්නට දෙයි.
* නිරන්තරව ගබ්සාවීම් ඇති අයට මයිල මල් සහ පොතු වෛද්‍ය උපදෙස් අනුව තම්බා බිමෙන් එම තත්ත්වය සමනය කරගත හැකි වන අතර කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රීතව හට ගැනෙන රෝග සඳහාද එම ප්‍රතිකාරය සුදුසුය.
* රත්පිතට මයිල මල් තැම්බූ වතුර පානය ගුණදායකය.
* මයිල මල් කෂාය කරාබු නැටි චූර්ණය සමඟ දීමෙන් අතීසාරයේදී ඇති වන වේදනාවන් පහවෙයි.
* සුව නොවන තුවාල මයිල මල් , පොතු තැම්බූ වතුරින් සේදීම ගැමි ජනතාව අතර පවතින අත් බෙහෙතකි.
මයිල ලීයෙන් සකසන ලද භාජනවල වතුර බහා හිස් බඩ පානය කිරීම සුදුසු වන්නේ එයින් ශරීරය සිසිල් වන නිසා ශරීරයේ ඇති දැවිල්ල මෙන්ම අධික ඌෂ්ණය ද පහවයයි. මානසික විඩාවට , රත්පිත් වැනි රෝගවලට මෙන්ම නිරන්තරයෙන් සිහිය නැති අයටද මයිල මල් තැම්බූ වතුර මහඟු ඖෂධයකි. මයිල මල් මෙන්ම මයිල කරල් හෝ මයිල ඇට වියළා ගත් චූර්ණය ද ඉතාමත් වටිනා වූ ඖෂධයකි. මොලයේ ක්‍රියාකාරීත්වය දියුණු කර ගැනීමට එනම් එහි ඇති දුර්වලතා මග හැරීමට එය ඉතාමත් ප්‍රයෝජනවත් වේ. රාත්‍රියේ නින්ද නොයන අයටද ඉතා හොඳය. තවද රත්පිත් නිසා ඇති වන රුධිර පීඩනයෙහි වෙනස්කම් මගහරවා ගැනීමට මයිල මල් තැම්බූ වතුර ප්රයෝජනවත්ය. මයිල මල් කොළ පොතු මෙන්ම බිජ දියවැඩියා රෝගීන්ටද හිතකර වේ. දියවැඩියාව සුව නොවුණත් රුධිරයේ සීනි මට්ටම පහළ හෙළීමට මයිල ශාකයට හැකියාව ඇත. මයිල මල් සහ ඇට වියළා සිහින්ව කුඩු කර එයට කුරුඳු කුඩු ස්වල්පයක්ද එක් කර නටන වතුරට දමා නිවෙන්න හැර එම ජලය පානය කිරීමෙන් දියවැඩියා රෝගීන්ට යහපත් ප්‍රතිඵල ළඟා කර ගත හැකි වේ.
අපේ මුතුන් මිත්තන් එදිනෙදා කලවම් මැල්ලුමට මයිල දලු එකතු කරගත් නිසා ඔවුන්ට එවැනි ආබාධ ඇති වූයේ අල්ප වශයෙනි. මාස් ශුද්ධියේදී වේදනාව මෙන්ම අධික රුධිර වහනයද අවම කර ගැනීමට මයිල මල් පොතු තැම්බූ වතුර ඉතා ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් ආර්තවය ඉතා වේදනාකාරී අයට මහඟු ඖෂධයක් වේ. අපගේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයේදී කැඩුම් බිඳුම්වලදී මෙන්ම ගෙඩි වණ පිළිකා රෝගවලදී භාවිත කර ඇති මයිල ශාකය වර්තමානයේ භාවිතයෙන් ඈත්ව ගොස් ඇති බව පෙනේ. නමුත් නවීන පර්යේෂකයෝ පිළිකා සඳහා මයිල ශාකය කෙසේ භාවිත කළ හැකිද යන්න සොයා බලමින් සිටිති. අපගේ පැරණි දේශීය වෛද්‍යවරු ගඩු පිළිකා වැනි අවස්ථාවලදී මයිල පොතු, ඇට භාවිත කර තිබේ. එය අමිල මෙහෙවරකි. කෙසේ වෙතත් මයිල ශාකයේ ඇති සුවිශේෂ ගුණ හේතුවෙන් පිළිකා සෛල වර්ධනය වීම අවම කර ගත හැකි බව නම් සොයා ගෙන තිබේ. අදද අපේ දේශීය වෛද්‍යවරු සර්ප විෂ චිකිත්සාවේදී මයිල ශාකය භාවිත කරති. ලේ දූෂ්‍ය වීමෙන් හට ගන්නා චර්ම රෝග වලටද එය ඉතාමත් යෝග්‍ය වේ.
මයිල මල් පානයක් ලෙස ජනප්‍රිය නොවූවත් රණවරා මල්, බෙලි මල් මෙන් තම්බා පානය කළ හැකි වේ. නමුත් දිනපතා පානය කෙසේ වෙතත් සතියකට වරක්වත් පානය කිරීමෙන් ශරීරයට සිසිලස මෙන්ම මනසට විවේකයද ලැබේ. අප ගන්නා වූ ආහාරවල ඇති විවිධ විෂ කොටස් නිසා දූෂිත වූ රුධිරය ද පිරිසිදු වෙයි. අම්ල පිත්තය ඇතිවීමේ අවදානම අඩු වෙයි.
එසේ වුවද මයිල මල් කොළ, පොතු ඇට වර්ග ඖෂධ පිණිස භාවිත කිරීමේදී වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රයෝජනවත් වේ. මන්ද යත් වකුගඩු ආශ්‍රීත රෝග ඇති අයට මයිල මල් , පොතු ඇට එතරම් යහපත් නොවන හෙයිනි. ඒ නිසා පමණ දැන ආහාරයට ගැනීම හෝ ඖෂධ පිණිස ගැනීම යෝග්‍යය. මයිල මල් තැම්බූ විට යම් පැණි රසයක් ඇති නිසා බිමටද පහසුය.
මයිල ශාඛය යට සෙවන සිසිල් ය. උවමනා ආකාරයට ගස හැඩ කර ගත හැක. මයිල ගසක් අවටට අකුණු අනතුරු ඇති නොවෙන බවටද පැරැන්නෝ කියති. මහාමාර්ග දෙපස සිටුවීමට ඉතා උචිතය. මයිල ගස ස්වභාවික නිවසකි හිසට සෙවනක් සලසන. ඕනෑම කර්කශ පරිසරයක වූවද ඉතා සුන්දරව වැවේ. වියලී ගිය කරල් වල ඇති ඇට වලින් පැල බෝ කරගත හැකිය.
මයිල මල් (මයිල රෑන් ) වෑංජනය ~
සාදන ආකාරය ~
කුඩා මයිල මල් රෑන් ගසකින් කඩා සෝදා පිරිසිදුකොට පිසීමට සුදුසු භාජනයකට රෑන් නටුවෙන් සූරාගෙන දමා රතුළූණු කුරුදුපොතු කොච්චි ඇතුළුව කුළුබඩු පදමට දමා පමණට මිටිකිරි දමා පිසගන්න ඉතා මිහිරි සහ පිටි ගතියෙන් පිරි අපූරු රසවත් කෑමකි
ගුණ ~
මයිල මල් මයිල කොල යනු වකුගඩු සහ මුත්‍රා මාරගයේ ඇතිවන ගල් දියකර හැරීමේ සුවිෂේශී හැකියාවක් අතිබවයි. තද හිරු එලියෙ වැඩකරනා ඕනැම අයෙකුට වැඩිපුර ජලය පානය කලත් වකුගඩුවෙ ගල් ඇතිවීමේ අවදානමක් ඇත මේවනවිට මේවැනි ආහාර මගින් එයින් මිදීමට ඔබට හැකිය. දරුණුම ලෙස වේදනකාරී මූත්‍රා රෝගයෙන් පෙලෙනා විටකදී මයිල කොල කිහිපයක් කටේදමා සපා එහි ඉස්ම ගිලිමෙන් විනාඩි කිහිපයකින් රෝගයෙන් සහනයක් වගේම රෝගය සුවපත්වෙ, මෙය මා අත්දැකීමෙන්ද කියනාදෙයකි. එලිමහනේ වැඩකරනා සෑම පුද්ගලයෙකුම සෑම පැයබාගයකට වරක්ම ජලය ස්වල්පයක් හෝ පානයකලයුතු බවත් දිනකට ජලය ලීටර 4.5 ක් අවම සහ දිනෙකට ජලය ලීටර 6ක් වශයෙන් පානය කරන්නෙනම් මෙයින් මිදීමට මෙන්ම බොහො රොගවලින් මිදීමට හැකියාව ලැබේ.
ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ