Tall shield sundew or Tall pale sundew
විද්‍යාත්මක නම : Drosera peltata subsp. auriculata
සිංහල වෙදකමේ පිළිකා සුව කිරීමේ බෙහෙත් වට්ටෝරුවක අඩංගු පැලෑටියක් නිසා දැන් දැන් මේ පැලෑටිය සම්පූර්ණයෙන්ම වාගේ විනාශ වෙමිනුයි යන්නේ. ඒ අධිපරිභෝජනය නිසා. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පැලෑටිය ගලවාගෙන යනවා වුනත් කිසිවෙක් මෙය වගා කරන්න උත්සාහ කරන්නේ නෑ. කොහොම වුනත් අනාගතය වෙනුවෙන් රකින්න ඕන පැලෑටියක් නිසා දැක්ක තැනකදී පරිස්සම් කරන්න අමතක කරන්න එපා.
විශාල ජෛව විවිධත්වයකින් හෙබි ශ්‍රී ලංකාවේ තිබෙන මාංශ භක්ෂක ශාක විශේෂයක් විදිහට කඳුලැස්ස ශාකය හඳුන්වා දෙන්න පුළුවන්. බාඳුරා, නිල්මොනරැස්ස කියන්නේත් මේ වගේ මාංශ භක්ෂක ශාක. ටිකක් විතර දුර්ලභ ශාකයක් වෙන මේ ශාකයේ උප විශේෂ ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ පෙති කඳුලැස්ස කියන විශේෂයේ උප විශේෂයක් වුන උස් පෙති කඳුලැස්ස ශාකයක පින්තූර කීපයක්.
ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව හා පිලිපීනයද ඇතුලත් නැගෙනහිර ආසියාතික රටවල් වල දක්නට ලැබෙන ශාකයකි. ඉතා විශාල වශයෙන් උප විශේෂ ලෙස අනුවර්තනය වී ඇත. පස යට සෙන්ටිමීටර 5ක් පමණ පහලින් අල හටගන්නා අතර පස මතුපිට සෙන්ටිමීටර 5-50 දක්වා පරාසයේ වැඩේ. සාමාන්‍යයෙන් තෙත් සෙවන සහිත ප්‍රදේශ වල වැවේ. වියලි කාලයේදී ශාකයද හැකිලී ගියත් යලි වැසි කාලයේදී පෙර පරිද්දෙන් සැකසේ. මෘදු පස සහිත ප්‍රදේශ වල දැකිය හැකිය.
සතුන් ගොදුරු කර ගන්නා අතර එවැනි ශාක, මාංශ භක්ෂක ශාක ලෙස හඳුන්වයි.
මෙම ශාක අර බාඳුරා, කඳුලැස්ස, වටැස්ස සහ අඩසඳඇස්ස, නිල් මොනරැස්ස යන ශාක විශේෂ වේ.
මෙවන් වු ශාක අතුරින් කඳුලැස්ස විශේෂ වේ. කඳුළු හෙලන ඇසක්බඳු යන අරුතින් කඳුලැස්ස නාමය යෙදේ.
ආයුර්වේද සහ දේශිය වෛද්‍ය ක්‍රමයට අමතරව හෝමියෝපති වෛද්‍ය ක්රමයේ ද කඳුලැස්ස සඳහා විශේෂ තැනක් ඇත.
"මාංශ භක්ෂක ශාක යනු ස්වභාවධර්මයේ ඉතා අලංකාර නිර්මාණ, ඉතා වර්ණවත් සහ වෙනස් - සමහරක් විශාල, සමහර කුඩා."
කඳුළු හෙලන ඇසක්බඳු යන අරුතින් කඳුලැස්ස නාමය යෙදේ. කඳුලැස්ස සිංහල වෙදකමේ පිළිකා සුව කිරීමේ බෙහෙත් වට්ටෝරුවක අඩංගු පැලෑටියකි
අඩහදැස්ස
වටලැස්ස
නිල්මොණරැස්ස
කහමොණරැස්ස
බාදුරා කෙන්ඩිය
Medicinal properties of carnivorous plants මාංශ භක්ෂක ශාකවල ඖෂධීය ගුණ