ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශයේ විශේෂයෙන් ම වියළි හා අතරමැදි කලාපයේ අඩි 3000 දක්වා උසින් හමුවන ගම්මාලු Pterocarpus arsupium, තෙත් කලාපයේ ද හොඳීන් වගා කළ හැකි ශාකය කි. සාරවත් පසෙහි මෙන් ම ජලය එක් රැස් නොවන බෑවුම් සහිත පතන භූමිවල ඇති වියළි නිසරු පසෙහි ද ‘ගම්මාලු’ හොඳින් වැවේ. ඖෂධීය ගුණයෙන් අනූන ගම්මාලු බොහෝ රෝග සඳහා ගුණදෙන ඔසුවකි. දියවැඩියාව, මුත්‍ර රෝග, සමේ රෝග, අතීසාරය වැනි රෝග සමනය කිරීමෙහිලා සමත් ඖෂධීය ගුණයන් ගම්මාලු ශාකය සතුව ඇත. එසේම කෙසේ වැඩීමටත් අකලට හිසකෙස් පැසීමටත් ගම්මාලු කදිම ඔසුවකි.
ගම්මාලු ශාකයෙහි පොත්ත කැපූ විට වෑස්සෙන රතු පැහැ කිරි දියවැඩියා රෝගයටත්, අධික රුධිර පීඩනයටත් කදිම ඔසුවකි. දැවමය වටිනාකමින් මෙන්ම ඖෂධීය ගුණයෙන් ද යුත් ගම්මාලු ඉතා ප්‍රයෝජනවත් ශාකයකි. ගන කහ අළු පොත්තකින් යුත් විශාල ගසක් ලෙස වැඩෙන ගම්මාලු ශාකයේ අතු බෙහෙවින් විහිදී ඇත. විශාල පත්‍ර, පත්‍රිකා කොටස් පහකට, හතකට පමණ බෙදේ. පත්‍රිකාවල අග්‍රය මද වශයෙන් හෝ හොඳින් පෙනෙනා අයුරින් හෝ දෙකට බෙදී තිබෙනු දැක ගත හැකිය. දිලිසෙන මතුපිටක් සහිත ගම්මාලු පත්රයන්හි පැහැදිලිව හා සමාන්තරව පිහිටි නාරටි රාශියක් ද වේ. ජූලි සිට සැප්තැම්බර් මාසය දක්වා ගම්මාලු ශාකයෙහි මල් හටගන්නා අතර ඒවා කුඩා කහ පැහැති මල් වේ. මේ කහ පැහැති කුඩා මල්, පොකුරු වශයෙන් අතු බෙදුණු මල් පොකුරක පිහිටයි.
ගම්මාලු ගසේ ගුණ
ගම්මාලු අරටුව දෙහි යුෂින් ගල ගා ආලේප කිරීම තැලීම් හා උළුක්කුවලදී බෙහෙවින් සිදුවනවා සේ ම තැලීම් හා උළුක්කුවලදී එය කදිම සහනයක් ගෙන දෙන අත් බෙහෙත් ක්රමයකි. දත් කැක්කුම්වලදී ගම්මාලු ලාටු කැක්කුම දෙන දත මත තබා සැපූ විට වේදනාව සමනය වේ.
අතීසාරය සඳහා ගුණ දෙන ඔසු ගුණයක් ඇති ගම්මාලු ශාකයේ ලාටු සහ පොතු යොදාගත් කෂාය අතීසාරයේ දී පානය කිරීමට දීම හෙළ වෙදකමේ බහුලව සිදුවේ. කෙස් වැඩීමේ ශාක ඖෂධීය ගුණයක් ගම්මාලු සතුව ඇති අතර අකලට හිස කෙස් පැසීම ද පාලනය කිරීමට ගම්මාලු යොදා ගැනේ.
ගම්මාලු යොදා සාදා ගත් තෙල් හිස ගැල්වීම අකලට හිස කෙස් පැසීම පාලනය කරයි. එසේම අධික ලෙස මුත්‍ර පිටවීම පාලනය කිරීමෙහි හැකියාවක් ද ගම්මාලු සතුව ඇත. ගම්මාලු අරටුවෙන් සාදා ගත් කෂාය අධික ලෙස මුත්‍ර පිටවන රෝගීන්ට පානය කිරීම සඳහා දීම ද හෙළ වෙදකමේ දී බහුලව සිදුවේ.
'ගම්මාලු' අරටුවෙන් සාදා ගත් කෝප්පයක සිසිල් දිය දමා රැයක් තබා එය උදෑසනින් හිස්බඩ පානය කිරීම දියවැඩියාව පාලනය කිරීමට යෝග්‍ය වේ. සමේ රෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිත කරන ශාකයක් වන අතර කුෂ්ඨ රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබේ
ගම්මාලු (Pterocarpus Marsupium) වටිනා ඖෂධ ගුණ ඇති ශාකයකි. කිරිඇල්ලේ ඤාණවිමල හිමිගේ දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයේ 169 – 170 පිටු හා ආයුර්වේද දෙපාර්තමේන්තුව පළ කළ “ඔසතුරු විසිතුරු තුන්වැනි කාණ්ඩය” 58 – 61 පිටුවල මේ ශාඛය පිළිබඳ විස්තර වෙයි. මෙහි ජන්ම භූමිය ඉන්දියාව ය. අඩි 70 -80 තරම උසට, විශාලව වැවෙයි. ඔසුතුරු විසිතුරු අනුව, හල් විශේෂ හතරක් ගම්මාලු ප්‍රභේධ ලෙස දක්වයි.
කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් දක්වන පරිදි, අතීත ලංකාවේ ගම්මාලු ලෙස භාවිත කළේ මොර ශාකයයි. ලාංකේය ශාකයක් වූ මොර, ඇට මොර ,මස් මොර යනුවෙන් ප්‍රභේධ දෙකකි. එය රාගය, කාමය ජනිත කරන ඖෂධයකි.
නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව.1707 – 1739) කුණ්ඩසාලේ සිට රන්දෙනිගල දක්වා පැතිරුණු පල්ලේකැලේ රාජකීය මොර උයන වවා ඇත. මේ මොර උයන සැතැපුම් 40 පමණ දිගු විය. ඔසුතුරු විසිතුරු ග්‍රන්ථය අනුව, හරිත කී කුලයට අයත් අසන ශාකය, ගම්මාලුවලට අයත් ශාකයකි.
අද ගම්මාලු ලෙස පැතිරී ඇති ශාකය දකුණු ඉන්දියාවෙන් ගෙනවූත් ඉංග්‍රීසින් විසින් ව්‍යාප්ත කළ ශාකයක් ලෙස කිරිඇල්ලේ ඤාණවිමල හිමි පවසති. එය නැවත වන වගාව හා සෙවණ සඳහා වවා ඇත. නැවත වන වගාවක් ලෙස සිට වූ අක්කර 30 පමණ ගම්මාලු කැළෑ යායක්, නාවලපිටිය නුදුරු හරංගල ගම ඉස්මත්තේ ඇත. එය 1940 පමණ වැවූවකි.
ගම්මාලු ගසේ කිරි හා පොතු දියවැඩියාව හා අර්ශස් රෝගවලට යොදා ගනී. දියවැඩියාව වැළැක්වීම සඳහා ගම්මාලු ලීයෙන් කැපූ කෝප්පරාවලට රාත්‍රියේ ජලය දමා, උදෑසන පානය කිරීම බහුලව සිදු කරයි.
ගම්මාලු ගස සිදුරු කළ විට, රතු පාට කිරි වෑහෙයි. ඒවා එකතු කර, බෝතල් කර අලෙවි කෙරෙයි. ගම්මාලු කිරි බිංදු දෙක තුනක් මිශ්‍ර කර පානය කිරීම, එවකට ගැමියන්ගේ පුරුද්දකි. තද තිත්ත රස ඇති ගම්මාලු කිරි, දියවැඩියාව , අර්ශස්, සමේ රෝග, උණ , වමනය වළක්වයි. ගම්මාලු ලී දැව ලෙස ඉතා ශක්තිමත් ය.
ගම්මාලු ගසේ කිරි හා පොතු දියවැඩියාව සහ අර්ශස් රෝග සදහා යොදාගන්නවා. දියවැඩියාව වැලැක්වීමට ගම්මාලු ලීයෙන් කෑපූ කෝප්පවල රාත්‍රියට වතුර දමා, උදෑසන පානය කිරීම ඉතාමත් යෝග්‍ය බව පරික්ෂණ වලින් පවා සනාත වී තියෙනවා. ගම්මාලු දැව ඉතා ශක්තිමත් මෙන්ම කල්පැවතීමේ ගුණය අතින් ඉහලයි.
මහාචාර්ය H.k.i පෙරේරා.මහත්මිය විසින් කර ඇති පරික්ෂණකින් මෙම ගම්මාලු කිරි වල ඇති ප්රතිදියවැඩිය ගුනය පිලිබඳ මනාව තහවුරු කර තියනවා. තවද ලොවපුරා මේ සම්බන්දව විශාල පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කර ඇති අතර ඉන්දියාවේ දැනට මෙම ගම්මාලු අරටුවෙන් සෑදු කෝප්ප දියවැඩියා රෝගීන් බහුලව භාවිතා කරනවා. එයට අමතරව රත්පිත , රක්තප්ර්දර , මධුමේහ , පිත්තජ රෝග , ප්‍රමේහ , සෝමරෝග , අජීර්ණ අතීසාර වැනි බෙහෝ රෝග සදහා මෙය අවුසදයකි.
ආහාර ජීර්ණ පද්ධතියේ රෝග, කුෂ්ඨ, දන්ත රෝග, සහ අතීසාර ආදියටත් ගම්මාලු සුදුසුයි.
අකලට හිසකෙස් ගැලවී යාම, අක්ෂි රෝග ආදියට ප්‍රතිකාර කිරීමේදීත් මෙහි කොළ, පොතු, සුඹුලු, කිරි, අරටුව හා මැලියම් භාවිතා කරනවා. ගම්මාලු කොළ තම්බා වණ ශෝධනය කරන , ඉදිමුම් නසන , සන්ධානීය ගුණ සහිතයි. කල්ගතවූ වණවලට ගම්මාලු චූර්ණය ඉසීම, කොළ අඹරා ආලේප කිරීම, කොළ තම්බා වණ සේදීම ආදී ප්‍රතිකාර අතීතයේ සිටම අත්දුටු ඒවායි.
දියවැඩියාවට -
* ගම්මාලු අරටුවකින් කෝප්පයක් සාදාගෙන (වෙළෙඳසල්වල විකිනීමට ඇත) ගම්මාලු කෝප්පයට රාත්රියේදී වතුර ස්වල්පයක් දමා උදේට පානය කරන්න. ශරීරයේ සීනි පාලනය වෙයි. එමෙන්ම තේ, කෝපි හෝ කසායද මෙවැනි කෝප්පයකට දමා පානය කිරීම සුදුසුය.
* ගම්මාලු ශාකයේ පොතු හොඳින් කුඩුකර ගන්න. පසුව අරළු, බුළු, නිදිකුම්බා නැටි වේළා කුඩුකර පෙරා ගම්මාලු පොතු එම කුඩුවලට එක්කර ගන්න. පසුව මී පැණියෙන් අනා චූර්ණයක් සේ සකස් කර ගෙන ආහාරයට ගන්න. මේ ඔෟෂධයන් දියවැඩියා රෝගයට හොඳ ප්‍රතිකාරයකි. ගම්මාලු පොතු රටඉඳි, සූදුරු, කොත්තමල්ලි දමා හොඳින් කසාය කර පානය කරන්න.
* අතීසාරය සඳහා ගුණ දෙන ඔසු ගුණයක් ඇති ගම්මාලු ශාකයේ ලාටු සහ පොතු යොදාගත් කෂාය අතීසාරයේ දී පානය කිරීමට දීම හෙළ වෙදකමේ බහුලව සිදුවේ.
* දත් කැක්කුමට,කුහර සහිත දත්වලට
ගම්මාලු ශාකයේ ලාටු වැනි කොටසක් තිබේ. එය දත්වල කුහරයට තබා තද කිරීමෙන් වේදනාව අඩුවෙයි.
* ලේ ගෙඩි සඳහා ගම්මාලු පොතු කැබැල්ලක් ගෙන හොඳින් කුඩුකර උණුවතුරෙන් අනාගන්න. එයට මීපැණි ස්වල්පයක් හා මීතෙල් ස්වල්පයක් දමා මිශ්‍රණයක් සේ සකස් කර ගෙඩි තිබෙන ස්ථානවල තවරන්න. ගෙඩි පුපුරා සැරව ඉවත් වී සුවපත්භාවයක් හිමිකර දෙයි. ලේ නරක්වීමටත් ඒ නිසා හටගන්නා ගෙඩි නිවාරණයටත් කිහිලිවල හටගන්නා ගෙඩි සඳහාත් මේ ඔෟෂධය යොදාගනී.
* අකලට හිසකෙස් වැටීමට ගම්මාලු පොතු, මුල්, අරළු, සුවඳකොට්ටං, සැවැන්දරා, කලාඳුරු කලං 12 බැගින් ගෙන කොටා මඳපවනේ උතුරුවා ගන්න. මෙයට තලතෙල් බෝතල් 2ක් එක්කරගන්න. උතුරුවා ගත් පසු උකුපොල් කිරි 1/2ක් එයට දමා නැවත මඳගින්නේ රත්කර ගන්න. මෙලෙස පැය 1 1/2ක් පමණ රත්කර ගැනීමෙන් පසු පෙරා නිවා හිස ගල්වන්න. මෙය ඔෟෂධීය තෙලකි. තට්ටය පෑදීම වළක්වයි.
* ගර්භාෂය හා ඩිම්බකෝෂවල ගෙඩි හෝ එවැනි රෝග සඳහා ගම්මාලු පොතු , සුදුලූනු , උළුහාල් , අරළු දමා කසාය කර පත 8ට සිඳවා සතියකට දින 3ක් පානය කරන්න.
* ගම්මාලු අරටුව දෙහි යුෂින් ගල ගා ආලේප කිරීම තැලීම් හා උළුක්කුවලදී බෙහෙවින් සිදුවනවා සේ ම තැලීම් හා උළුක්කුවලදී එය කදිම සහනයක් ගෙන දෙන අත් බෙහෙත් ක්රමයකි.
*දරු සම්පත් නොමැති වීම,ඔසප් චක්‍රය අක්‍රමවත් වීම ගම්මාලු කිරි බින්දු (රතු පැහැතිය) ස්වල්පයක් එළකිරි වීදුරුවකට දමා පානය කරන්න.
* අධික ලෙස මුත්‍ර පිටවීම පාලනය කිරීමෙහි හැකියාවක් ද ගම්මාලු සතුව ඇත. ගම්මාලු අරටුවෙන් සාදා ගත් කෂාය අධික ලෙස මුත්‍ර පිටවන රෝගීන්ට පානය කිරීම සඳහා දීම ද හෙළ වෙදකමේ දී බහුලව සිදුවේ.
* සමේ රෝගවලදී ද ගම්මාලු බෙහෙවින් භාවිත කරන ශාකයක් වන අතර කුෂ්ඨ රෝගවලදී ගම්මාලු කොළ අඹරා ආලේප කිරීමෙන් සහනයක් ලැබේ.
ගම්මාලු තෛලය ගම්මාලු භාවිතාකර නිපදවන ඖෂධීය තෙලකි. ගම්මාළු අරටුවේ චූර්ණය දියකර කට සේදීම මගින් දන්ත රෝග සුවවන බව සදහන්ය. ඉන්දියාවේත් , ලංකාවේත් හින්දු පූජනීය ස්ථානවල දැවකම්වලදී විශේෂයෙන් ගම්මාලු ලී කදන් භාවිතා කර තියෙන්නේ එම ලීයේ ඇති සිත්ගන්නා සුළු බව නිසාය. දකුණු ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ගම්මාලු මැරෙන්නට යන, ජීවිතය ගැන බලාපොරොත්තු අත්හල රෝගීන් සඳහා භාවිතා කරන ශාකයක් බව කියවෙයි. නිදා සිටින එවැනි රෝගියෙකුගේ දෙතොළ මත ගම්මාලු ඉස්ම රැඳවු විට දුන්නක් සේ නැගිටින බවකි.
The use of pterocarpus marsupium in the Ayurveda system of traditional indigenous medicine is thousands of years old. Laboratory studies show that the gum resin of pterocarpus [gammalu] can help regenerate the beta cells in the pancreas. සාම්ප්‍රදායික දේශීය වෛද්‍ය විද්‍යාවේ ආයුර්වේද ක්රමයේ ගම්මාලු භාවිතය වසර දහස් ගණනක් පැරණිය. රසායනාගාර අධ්‍යයනවලින් පෙනී යන්නේ අග්න්‍යාශයේ බීටා සෛල ප්‍රතිජනනය කිරීමට ගම්මාලු කිරි උපකාරී වන බවයි.