ශ්‍රී ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුගීසීන් පාලනය කළ කාලයයි. 1658 දී පෘතුගීසින් පරාජය කොට අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ තම පාලනයට නතු කර ගත්තේ ලන්දේසින් විසිනි. 1796 ලන්දේසි පාලනය අවසන් වීමත් සමඟ අපේ රටේ මුහුදු බඩ ප්‍රදේශවල පාලනය ගෙන ගියේ ඉංග්‍රීසින් විසිනි. 1802දී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත්වූ ලංකාව සම්පූර්ණයෙන් යටත් වූයේ වර්ෂ 1815 දීය. එතැන් සිට ශ්‍රී ලංකාව 1948 දක්වා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. පෘතුගීසීන් 153, ලන්දේසින් 138, ඉංග්‍රීසින් 152 පාලනය කළ වර්ෂ
"ශ්‍රී ලංකාව තුළ 1505 සිට 1948 දක්වා යටත් විජිත යුගය"
අධිරාජ්‍යය හමුවීම සහ වෙළඳාම 1505 අගෝස්තු 15 කෝට්ටේ රාජ්
සමග
පෘතුගීසි පාලනය බිඳ වැටීම - 1658 ජනවාරි 14 මුදල් වර්ගය පෘතුගීසි ටැන්ගා
පෘතුගීසි ලංකාව (පෘතුගීසි භාෂාවෙන්- Ceilâo)
පෘතුගීසි ලංකාව යනු පෘතුගීසීන්ට අයිතිව තිබූ භූමි ප්‍ර
දේශයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ 1505-1658 දක්වා පෘතුගීසීන් පාලනය කළ කාලයයි. පෘතුගීසීන් ලංකාවට පළමුවෙන්ම පැමිණ කෝට්ටේ රාජ්යද සමග ගිවිසුමක් ඇතිකර ගත්හ. පෘතුගීසි ලංකාව සංස්ථාපනය වන්නේ යටත් කර ගත් කෝට්ටේ රාජ්‍ය හා ඉන්පසු ආක්ර මණය කොට යටත් කර ගත් අවට පිහිටි රාජ්යකයනුත් එක්වීමෙනි. 1565 දී පෘතුගීසි ලංකාවේ අග නගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී. පෘතුගීසීන් හඳුන්වාදෙන ලද ක්‍රි
ස්තියානිය සිංහල ජනතාව සමග ඝට්ඨන ඇති වීමට හේතු විය.
කලක් ගත වෙද්දී ලාංකිකයෝ තම නිදහස ලබා ගැනීම සඳහා ලන්දේසීන්ගෙන් උදව් බලාපොරොත්තු වූහ. ලන්දේසීන් මුලින්ම කන්ද උඩරට රාජ්යී සමග ගිවිසුමක් ඇති කර ගත්හ. 1627 දී අයිබීරියන් ආර්ථිකය බිඳ වැටුණු පසු ලන්දේසීන් ආසියාවේ යටත් විජිත ආක්රි
මණය කරන බව පෙනී ගියේය. පසුව පෘතුගීසි පාලනය යටතේ තිබූ ලංකාවේ ප්‍රදේශයන් ලන්දේසීන්ට පවරා දෙනු ලැබුණි. එසේ වුවද පෘතුගීසි පාලනය සමයේ සිට අද දක්වා පෘතුගීසි සංස්කෘතික ලක්ෂණ ශ්‍රී ලංකාවේ ඉතිරිව පවතී.
_______________________________________________________
ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්රමණවලට මුහුණ දෙමින් සිටියේය. ලංකාව තිබුනේ චීනයේ ආරක්ෂාව යටතේය. පෘතුග්රීආසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුග්රීපසි ආක්රගමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්රීක ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්රංදශයන් ලංකරගෙන ඔවුනට ත්‍රී කුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්රීිකුණාමලය ප්රංදශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්රනදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්රිායාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්යර මිනිස් ශ්රහමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙසේ ප්‍රදේශ
පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය
) රජු යන නාමයද ප්රනධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රි
යාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝ
ජනයට ගෙන ගෝව නගරෙය් ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්රී සි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්රීමසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්‍රේ ල් 3 දින ත්රිැකුණාමලයට ගොඩ බැස්සේය.
_______________________________________________________
ලංකාවට පෘතුගීසීන් පැමිණීම
1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි. 1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. මෙම ප්‍රථම ගොඩබැසීම සිහිවීම පිණිස ගොඩනැගූ ස්මාරකය කොළඹ බොක්කේ සිට බැලූ විට දක්නට ඇත. පෘතුග්‍රීසීන් එය පාද්රෝ (Padrao) යනුවෙන් නම් කළහ. පෘතුග්‍රීසීන් රාජ්‍ය ලාංඡනයට ඉහළින් කුරුසිය සහිත මෙම සිහිවටනය 1920 දී තරම් කාලයේදී දක්නට ලැබුණේ 1501 දාතම සමගයි. එවැනි දාතමක් සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කළ නොහැක.
ඔව්හු කෝට්ටේ නැවතී හිඳිමින් රජු සමග ගිවිසුමක් සම්පූර්ණ කරන ලදී. දිවයින රාජධානි හතරකට බෙදා තිබුණේය. ඒ කෝට්ටේ, සීතාවක, මහනුවර සහ උතුරේ යාපනය වශයෙනි. මෙයින් වැදගත් ස්ථානයක් ඉසිළුවේ කෝට්ටේය.
1518 දී විසුරේ තැන්පත්, ලෝපෝ සොආරේස් ද අල්බර්ගේරියා විශාල නැව් හමුදාවක් සමග කොළඹට ගොඩබැස්සේය. මෙහිදී ඔවුහු කුඩා බල කොටුවක් තැනීම ආරම්භ කළහ. එය නම් කර තිබුණේ නොසා සෙඤෝරා දා වර්තුදේ නොහොත් සැන්ටා බාබරා වශයෙනි. මෙම පළමු බල කොටුව ත්‍රිකෝණාකාර විය. මධ්‍යයේ කුළුණකින් යුක්ත විය. සිංහලයෝ වහාම කොටුව වැටලුහ. 1524 දී පමණ පෘතුග්‍රීසීහු එය කඩා දැමූහ. ඔවුහු කෝට්ටේ රජුගේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නියෝජිතයෙකු දිවයිනේ නැවැත්වූහ.
කොළඹ අතහැර දැමීම පෘතුග්රීසීන්ට සිදුවූ අත්වැරදීමක් බව පැහැදිලි විය. මුස්ලිම්වරු වහාම කළේ කෝට්ටේ රාජධානියේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට ලංකාවේ රැඳී සිටි පෘතුග්‍රීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. මාපිල්ලාවරු (මලබාර් මුස්ලිම් ජනතාව) 1539 දක්වා කෝට්ටේ සහ සීතාවක රාජධානි තුළ අර්බුදයන් දියුණුකළ අතර පෘතුග්‍රීසීන් ලංකාවේ සිටීම සම්බන්ධයෙන් විරුද්ධ වූහ. 1538 දී මාර්ටිම් අෆොන්සෝ ද සොයිසා 'වෙඩෙලෙයි' දී ද 1539 දී මිගෙල් ෆෙරෙයිරා මීගමුවේදී ද මාපිල්ලාවරු අවසාන වශයෙන් පරාජය කළහ.
මෙම වර්ෂවලදීම කෝට්ටේ රජු විසින් දිරිමත් කරන ලදුව මිෂනාරිවරු ලංකාවාසී ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. ගිනිකොණ පෙදෙසේ ධීවර ගම්මානවල පල්ලි ගොඩනැගුණි. 1544 දී යාපනයේ රජු මන්නාරම් දිවයිනේදී ක්‍රිස්තියානි ලබ්ධිකයින් 600 ක් සමූල ඝාතනය කළේය. එසේ වුවත් 1582 වන විට යාපනයේ රජු පෘතුග්රීසීන්ට යටත් වී කප්පම් ගෙවුවේය.
1550 ඔක්තෝබරයේ අෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ තැන පෘතුග්‍රීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව ලංකාවට පැමිණියේය. ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය. එහෙත් ඒ විසුරේට මුළු ලංකාවම පෘතුග්‍රීසි ආධිපත්‍ය පැතිරවීමට තිබුණු හොඳ අවස්ථාවක් අහිමි කර ගත්තේය. 1554 නොවැම්බරයේදී ඩුආර්තේ ද ඒසා තවත් සොල්දාදුවන් 500 ක් දෙනා සමග කොළඹ නව බලකොටුවක් තැනුවේය.
1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.
______________________________________________________
පෘතුගාල ස්පාංඤ්ඤ රාජකීය නිවාස මගින් පාලනය කිරිමෙන් පසුව (1580 සිට 1640 දක්වා) යටත් විජිත ජනයාට ජීවිතය ගතකිරීම අපහසු විය. රජතුමා වෙත වැසියන් රැක බලාගැනීමට සුදුසු පහසුකම් නොතිබු නිසා ශ්‍රී ලංකාවේ බෝහෝ ප්‍රදේශ අපරාජිත තත්ත්වයට පත්විය. දේශපාලනමය හා සමාජමය ව්‍යාකූලත්වය ජිවිතයේ මග වු අතර, රටේ සියල්ලම පැහැර ගෙන පැහරගෙත් දෙය පෘතුගාලයට නැව්ගත කරන ලදී. මෙම කාලයේ දී මිනිසුන් පෘතුගීසි පාලනයට වෛර කළ අතර, ලන්දේසින්ගේ මැදිහත්වීම අප්‍රසන්න පෘතුගීසි පාලකයගේ නිදහස් වීම සඳහා හැකි එකම මාර්ගය ලෙස සලකන ලදී. ලන්දේසින් විසින් මහනුවර රජ සමග 1639 දී මහනුවර ගිවිසුමට අත්සන් තබන ලදී. එමගින් පෘතුගිසින්ට විරුද්ධව කරන යුද්ධය වෙනුවෙන් ගෙවනු ලබන චේතනය සහ අනිකුත් වියදම් මහනුවර රජතුමා විසින් ගෙවිය යුතු බවට සඳහන් විය. රජතුමා සතුව ප්‍රමාණවත් මුදල් හෝ කුළු බඩු වියදම් සඳහා ගෙවීමට නොහැකි වු විට ගෙවිය යුතු මුදලට වන්දිය ලෙස ඔවුන් අයකරගත් වරායන් සහ ඉඩම් ලබා ගන්නා ලදී.
පෘතුගීසි පාලනයෙන් ශ්‍රීලංකාවට උරුම වූ දේ
පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත්විය. පෙරේරා, ආබනි, ප්‍රනාන්දු , රොද්‍රගු සහ සිල්වා වැනි පෘතුගිසි නම් සිංහල සංස්කෘතියේ කොටසක් බවට පත්විය. අළුත් තාලයක වු සමාගම කුලයේ ඇතිවිය. පෘතුගීසින් ලාංකීකයන් සඳහා සිංහල රජවරු හෝ ලන්දේසි පාලනයන්ට වැඩි පහසුකම් සපයන ලදී. පෘතුගීසි සංස්කෘතිය ලාංකික සංස්කෘතියේ ස්ථිර කොටසක් වු ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ මුහුදු බඩ පළාත් වල ජනයා සහ කතෝලිකයින් බවට පත්වුනි. මිනිසුන්ගේ ආහාර සහ ඇදුම් පෘතුගීසින් විලාසිතවන්ට හැඩගැසුණි .
දැනට ශ්‍රී ලංකාවේ සිටින පෘතුගීසින් ගෙන් පැවත ගෙන එන ජනයා කලින් වරයන් තිබු ප්‍රදේශවල ජීවත් වු ඔවුන්ගේ භාෂාවන් පවත්වාගෙන යනු ලබයි.
_______________________________________________________
1565 ජුලි මසදී එතෙක් කොට්ටේ තිබුණු අගනගරය හා උසාවි කොළඹට ගෙනා යුතු යැයි තීරණය කළහ. සිංහල ආරක්ෂක හමුදා තුනක් වත්තල, නාහලගම, හා මාපනේ සිටිමෙන් කොළඹ සිටි පෘතුගිසින් කොටුවුනි. එහෙත් ඔවුන්ට පහර දීමක් කළේ 1574 දීය. ඔවුහු මීගමුව, කලුතර හා බේරුවල කොල්ල කෑහ. නාගලගම හා මාපානේ තිබු සිංහල ආරක්ෂක බලකායන් පලවා හරින ලදී. වැලිගම හා හලාවත දිස්ත්‍රික්කය විනාශ කරන ලදී.
1581 අගොස්තු මාසයේදී කන්ද උඩරට හා සීතාවක රජු වු 1 වැනි රාජසිංහ රජු කොළඹ වැටලීම ආරම්භ කළේය. පෘතුගිසීන් නගරය අට්ටාල 12 කින් යුතු ආරක්ෂිත වශයෙන් ශක්තිමත් නගරයක් විය. සිංහලයන් කීප වරක් පහර දුන් නමුත් සෑම අවස්ථාවකදීම නගරය අත්පත් කර ගැනීමට අසමත් වූහ. 1588දී ඔවුහු වටලෑමේ අදහස අත්හැරියහ. 17 වැනි සියවසේ අවසානය දක්වාම පෘතුගිසීහු වෙරළ බඩ බලකොටුව වු කොළඹට, ගාල්ල, කලුතර සහ මීගමුව ආදියෙහි බලය අත්කර ගෙන සිටියහ.
1591 දී ආන්ද්‍රේ ෆුර්කාඩෝ ද මෙන්දොන්යා යාපනය ආක්‍රමණය කොට නල්ලුර් වල නව රජ කෙනෙක් පත් කලහ. 1592 දී පෘතුගිසීන් සුළු කාලයකට කන්ද උඩරට අල්ලා ගත් නමුදු සති කිහිපයකින් ඔවුන් ආපසු පලවා හරින ලදී. පෘතුගිසීන් කොට්ටේ සහ සීතාවක බලයේ සිටි නමුදු කන්ද උඩරට අල්ලා ගැනීමට කීප විටකදී කරන ලද උත්සාහයක් ව්‍යර්ථ විය.
1597 දී පෘතුගිසීන් ගාල්ල ශක්තිමත් කිරීම ආරම්භ කළහ. 1597 මැයි 27 දොන් ජුවන් ධර්මපාල රජු රාජ්‍යයට උරුමක් කාරයෙකු නොමැතිවම කොළඹ දී මිය ගියේය. ඔහුගේ අන්තිම කැමැත්ත අනුව ඔහුගේ රාජධානිය පෘතුගාලයේ රජුට පරිත්‍යාග කර තිබුණි. ඒ අනුව පෘතුගාලයේ 1 වැනි පිලිප් රජු බවට ප්‍රකාශයට පත්වුණි. මෙසේ කොට්ටේ රාජධානිය සම්පුර්ණයෙන්ම පෘතුගිසි පාලනයට යටත්විය. එහෙත් කන්ද උඩරට රාජධානිය පමණක් පෘතුගිසින්ට යටත් නෙවී පැවතුනි. පෘතුගිසින් යටත් විජිත පාලනයෙන් පළමු හානිය සිදු වුයේ ස්වදේශිය ආගම් වලටයි. විහාර , කොවිල්, පන්සල් විනාශ කරනු ලැබින. ගාල්ලේ සහ ත්‍රිකුණාමලයේ ප්‍රධාන ශිව කෝවිල් බිමට සමතලා කොට ඒවායේ සුන්බුන් එම ප්‍රෙද්ශයේම ඉදිකළ පෘතුගිසි බලකොටු ගොඩනැංවීමට යොදා ගන්නා ලදී. කොට්ටේ රාජධානිය තුල නොමැරී ඉතිරි වුයේ භික්ෂුන් වහන්සේලා සිව් නමක් පමණි. වෙරළ බඩ තිරුවේ වෙළද ආධිපත්‍ය ලබාසිටි මුස්ලිම් වරුන් මිත්‍යා දෘෂ්ටිකයින් ලෙස සලකා හිරිහැර කළ අතර ඔවුන්ගේ පල්ලි විනාශ කරනු ලැබීය. මේවායේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ජනතාව කන්ද උඩරට හා මධ්‍ය කදුකරයට පලා ගියහ.
මාටින් ලුනර් නව ප්‍රොතෙස්තන්ත ව්‍යාපාරයක් ඇරඹීමත් සමග යුරෝපයේ ආගමික යුද්ධ පැන නැගෙද්දී ලාංකිකයෝ ද අසල්වැසි පාලකයන්ගේ උදවු ඇතිව තම රට නිදහස් කර ගැනීමට කටයුතු කරමින් සිටියහ. ලන්දේසිහුද ඔවුන්ගේ හමුදා සහායද ඇතිව ඉදිරියට එමින් දිගුකලක් පැවතුණු සටනක් ආරම්භ කලේ (එක් විදේශ ආධි පත්‍යක් තවත් විදේශ බලාධිකාරයකට) දිවයින මුදා ගැනිම සදහාය. ලන්දේසිහු ජාවා දිවයිනේ බතාමියා නගරයෙන් පැමිණි විගස මඩකලපුවට ගොඩ බැස ඔවුන්ගේ පාලනය ප්‍රදේශයේ පුළුල් කළේය. ඔවුහු උඩරට රජු සමග ලංකාවේ අනාගතය සම්බන්දයෙන් ගිවිසුමක් ඇති කර ගත්හ. “වඩා ෙහාද නිදහස් මත දාරීන්” යැයි සිතනා මහජනතාව ඔවුන්ට සහයෝගය පළකලහ.
_______________________________________________________
ශ්‍රි ලංකා ඉතිහාසයට හා බුද්ධාගම අදහන්නන්ට හිරිහැර කිරීම් 1505 දී පෘතුග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධාගමික කටයුතු ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක් විය. තවදුරටත් කියතොත් පැවති පාලනයට මුහුණ දීමට සිදුවුණු අර්බුද, පෘතුග්‍රීසි මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ වෙනත් ආපදා සහිත තත්වයන් හේතු කොටගෙන සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ගියහ. එපරිදි දන්ත ධාතුව ඊළඟ රාජධානිය වූ මායා දුන්නේ රජ කළ සීතාවකට ගෙන යනු ලැබිණි. දාඨාධාතුවංශයට අනුව රත්නපුරයට දන්තධාතුව ගෙන ඒමට පළමුව ඈත දකුණේ මුල්ගිරිගල විහාරයට ද ඉන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යනු ලැබීය. අන්තිමට රත්නපුර දෙල්ගමුව විහාරයටත් එතැනින් විමලධර්ම සූරිය රජු විසින් (1592-1603) දැනට තැන්පත් කර තිබෙන මහනුවර දළදා මාළිගයටත් ගෙන එන ලදී.
_________________________________________
කොළඹ සිටි පෘතුග්‍රීසි නිලධාරීන්ගේ අවධානයට යාපනය රාජධානිය යොමු වූයේ එය රෝමාණු කතෝලික මිෂනාරි ක්‍රියාකාරකම්වලට බාධා පැමිණෙන පරිදි මැදිහත් වීම හේතුවෙනි. මිෂනාරිවරුන්ගේ කාර්යය වී තිබුණේ පෘතුග්‍රීසි වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. එමෙන්ම යාපනය රාජධානිය කෝට්ටේ රාජධානියේ පෘතුග්‍රීසි විරෝධී පාර්ශවය වූ සීතාවක රාජධානියේ උප රජවරුන්ට සහයෝගය දැක්වීම තවත් හේතුවක් විය. කන්ද උඩරට රාජධානිය දකුණු ඉන්දියාවෙන් යුද්ධ ආධාර ලබා ගැනීමේදී හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසද යාපනය රාජධානිය ක්‍රියා කළේය. තවත් කාරණයක් නම් යුද්ධ කටයුතුවලදී උපක්රමික වශයෙන් වැදගත් ස්ථානයක් උසුලන යාපනය ලන්දේසින්ට රට තුළට පැමිණීමේදී ආරක්ෂාව සලසන ස්ථානයක් වේ යයි පෘතුග්‍රීසීහු කල්පනා කිරීමයි. පෘතුග්‍රීසීන් සමග සියලු සම්බන්ධකම් නතර කළ රජෙකු වූයේ සංකිලි රජුය. (1519-1561). එපමණක් නොව ඔහු ලාභදායී ව්‍යාපාරයක් වූ මුතු කිමිදීමේ කටයුතු යාපනය රජවරුන්ගෙන් අත්පත් කරගැනීම සඳහා ඉන්දියාවෙන් ගෙන ආ පරවා කතෝලිකයින් 600-900 ක් පමණ දෙනා මන්නාරම් දූපතේදී ඝාතනය කළේය.
පළමු චාරිකාව 1560 දොම් කොන්ස්තන්තිනෝ ද බ්රැගන්සා යටතේ ක්‍රියාත්මක කළ නමුදු එය අසාර්ථක විය. එහෙත් මන්නාරම් දූපත උදුරා ගැනීමට එය සමත් විය. එහෙත් 1582 වන විට රජු වාර්ෂිකව ඇතුන් 10 ක් හෝ ඒ වෙනුවට මුදල් හෝ කප්පම් වශයෙන් ගෙවමින් සිටියේය. 1590 දී අන්ද්රෙ ෆර්තාදෝ ද මෙන්ඩොසා යටතේ මෙහෙයවුණු ආක්‍රමණයේදී පුවිරාස පණ්ඩාරම් (1561-65, 1582-91) මරණයට පත් කොට ඔවුන්ගේ අනුග්‍රාහයෙකුවූ එදිරිමාන්නසිංගම් නැමැත්තකු රජකමේ පිහිටුවන ලදී. ඒ කතෝලික මිෂනාරී ක්‍රියාකාරකම්වලට ඉඩදීමත්, ඇතුන් අපනයනය කිරීමේ ඒකාධිකාරිය පෘතුග්රීසීන්ට පැවරීමත් යනාදී කොන්දේසිවලට යටත් වීමෙණි. එහෙත් එදිරිමාන්නසිංගම් (1591-1617) එම කොන්දේසි කඩ කළේය. ඒ හැරුණු විට ඔහු නැවත පිහිටවූ කන්ද උඩරට රාජ්‍යයේ විමලධර්මසූරිය (1593-1604) සහ සෙනරත් (1604-1635) රජවරුන්ට පෘතුග්‍රීසීන් සමග සටන් කිරීම සඳහා දකුණු ඉන්දියාවෙන් ලැබෙන උදව් වලදී ආරක්ෂාව සැපයීමේ කටයුතුද කළේය. එමෙන්ම පෘතුග්‍රීසීන් කුපිත කරවීමකින් තොරව තම රාජ්‍යයේ ස්වාධීනත්වයද රැක ගත්තේය.
1617 දී පරරාජසේකරම්ගේ මරණය හා සමගම දෙවැනි සංකිලි නම් වූ රජකම උරුම නැති පුද්ගලයෙකු, රජකමට උරුමය තිබූ තැනැත්තා මරා දැමීමෙන් පසුව සිහසුනට පත් විය. දෙවැනි සංකිලිට පෘතුග්‍රීසීන් සමග ඇති කර ගත් ගිවිසුම පවත්වා ගෙන යාමට නොහැකි විය. ඔහු යුදමය ආධාර එවන ලෙස තන්ජවුර්නායක්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු මලබාර්හි මුහුදු කොල්ලකරුවන්ට නෙදුන්තිව්හි ප්‍රධාන කඳවුර පාවිච්චි කිරීමට අවසර දුන්නේය. එම කඳවුර පෝක් සමුද්‍ර සන්ධිය හරහා පෘතුග්රීසීන්ගේ නැව් ගමනාගමනයට තර්ජනයක් වූ මුරපලක් විය. 1619 ජුනි වන විට සංකිලිට එරෙහිව දියත් වූ යුද චාරිකාවන් දෙකකින් එකක් වූ මුහුදු චාරිකාව මලබාර්වරුන් විසින් ව්‍යර්ත කල අතර පිලිප්පෙද ඔලිවේරා යටතේ ගොඩබිමින් ගිය 5000 ක පමණ පිරිස දෙවැනි සංකිලි පරාජය කළේය. සංකිලි අල්ලා ගෙන ගෝවට ගෙන ගොස් එල්ලා මරනු ලැබීය. ඉතිරිවූ අනිකුත් රාජකීය පවුලේ සාමාජිකයන් සියල්ල ගෝවට රැගෙන ගොස් ඔවුනට පැවිදි වන ලෙස බල කරන ලදී. බොහෝ දෙනෙක් ඊට එකඟ වූහ. මෙසේ කරන ලද්දේ යාපනය රාජ්‍යයට උරුම කියන්නන් වැළැක්වීමේ අදහසිනි. පෘතුග්‍රීසි පාලනයට එරෙහිව කැරළි තුනක් ඇති විය. 1658 දී ලන්දේසීන් යාපනයේ කොටුව අල්ලා ගන්නා තෙක් ගතවූ අවුරුදු 40 ක පමණ කාලය තුළ පෘතුග්‍රීසීහු එවකට දැන සිටි කෝවිල්ද ඒ වන තෙක් රාජධානියේ තිබුණු ශාස්ත්‍රීය ලේඛන එකතු කර තිබු නල්ලූර්හි සරස්වතී මහල් නම් පුස්තකාලයද විනාශ කළහ. අධික බදු බර උසුලාගත නොහැකි වුණු ජනතාවගෙන් කොටසක් ඉන්දියාවේ රාමනාදපුරම් වෙතටද තවත් කොටසක් දකුණේ වන්නි දිස්ත්‍රික්කයටද පලා ගියහ. ජනගහනය අඩු විය. විදේශ වෙළඳාම දහයෙන් එකක් දක්වා අඩු විය. අලි ඇතුන් අපනයනය කර ඒ වෙනුවට ඉන්දියාවේ නොයෙකුත් රාජ්‍යයන්ගෙන් වෙඩිලුණු ලබා ගෙන ඒවා ලිස්බන් වෙත යවන ලදී. මෙහිදී යාපනය රාජ්‍යයට ආනයන ද්‍රව්‍ය සඳහා ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් එම කටයුතු නවතා දමන ලදී. ෆර්නාඩ් ද ක්වේරෝස් නැමති ප්‍රධාන පෘතුග්‍රීසි ඉතිහාස ලේඛකයා "යාපනයේ ජනතාව පෘතුග්‍රීසි යටත් විජිත යුගයේදී අනන්ත දුක්ඛිත තත්වයට පත් වී සිටියහ." යනුවෙන් ලියා තිබුණේය.
_______________________________________________________
උඩරට යුද මෙහෙයුම සහ බදුල්ලේ දී පරාජය වීම
1598 දී පාතුග්රීසීහු ඇත්ගාලතොට අල්ලා ගත්හ. එය මහඔයෙහි එතෙර මෙතෙර වීම පාලනය කළ ස්ථානයයි. 1599 දී මැණික් කඩවර ශක්තිමත් බලකොටුවක් ගොඩ නංවන ලදී. මෙම ස්ථානය උඩරට රාජ්‍යයේ මායිමේ පිහිටියේය.
1602 මැයි 31 වෙනි දින පළමු ලන්දේසි කණ්ඩායම ලංකාවට පැමිණියහ. ඔව්හු මඩකලපුවේ නැංගුරම් ලෑහ. මඩකලපුව පෘතුග්රීසීන්ට කෙදිනකවත් අයිති කරගත නොහැකි වූ වරායකි. ලන්දේසීහු ලංකාවේ අධිරාජයා සහ මහනුවර රජු වූ 1 වැනි විමලධර්මසූරිය සමග පෘතුග්රීසීන්ට එරෙහිව මිත්‍ර සබඳතා ගොඩ නගා ගත්හ.
1603 ජනවාරියේදී දොන් ජොරනිමෝ ද අසවේදු ගනේතැන්න කොටුව සහ අත්හැර දමන ලද බලන කොටුව ද අල්ලා ගත්තේය. බලන, මහනුවර රාජධානියේ ඉතා වැදගත් ස්ථානයකි. කීප දිනකට පසු ඔවුනට පසු බැසීමට කරුණු සිදු විය. ඔවුනට මැණික් කඩවර ද අහිමි විය. 1611 දී අසවේදු, පෘතුග්‍රීසි භටයින් 700 ක්ද, ලස්කිරිඤ්ඤ භටයින් විශාල සංඛ්‍යාවක් ද, රැගෙන නුවර බලා ගමන් කළේය. ඒ යන ගමනේදී බලන කොටුවද අත්පත් කර ගෙන භට හමුදාවක් ද එහි නතර කළේය. ඔහු මහනුවර නගරය අල්ලා ගෙන එය ගිනි බත් කළේය. මහනුවර සෙනරත් රජු රට අභ්‍යන්තරයට පලා ගියේය. යටත් නොවුණු නමුදු මහනුවර රාජ්‍යය තාවකාලිකව අරාජික විය.
1624 දී පෘතුග්‍රීසීහු ත්‍රිකුණාමලය අල්ලා ගෙන එය ශක්තිමත් කළහ. 1628 දී දොන් කොන්ස්තන්තිනෝද සා මැණික් කඩවර ශක්තිමත් කර රට හරහා ගොස් මඩකලපුව අල්ලා ගෙන එයද ශක්තිමත් කළේය. ඔහු කොළඹ දක්වා ආපසු ගමන් කිරීමේදී මහනුවරට ද කඩා වැදුණේය. 1629 දී ඌව (දැනට බදුල්ල) විනාශ කරන ලදී.
1630 දී දොම් කොන්ස්තන්තීනු ද සා, විසුරේ ගේ බල කිරීම මත සෙනරත් රජුට එරෙහිව ඔහුගේ අගනුවර ආක්‍රමණය කිරීම සඳහා යාමට තීරණය කළේය. 1630 අගෝස්තු 9 දින පෘතුග්‍රීසි සොල්දාදුවන් 400 ක්ද, විවාහක 200 ක්ද, 4400 ක් වූ ලස්කිරිඤ්ඤ භටයින්ද සබරගමුවේ සිට (රත්නපුර අසල) ඌවට කැලෑ මැදින් ගමන් ආරම්භ කළහ. 1630 අගෝස්තු 18 වෙනි දින පෘතුග්‍රීසීහු බදුල්ලට ඇතුළු වූහ. ඔවුන් එන විට නගරය පාළු වී තිබුණි. ඔව්හු දින දෙකක් නගරය කොල්ල කෑහ. ගිණි තැබූහ. 1630 අගෝස්තු 21 වෙනි දින පෘතුග්‍රීසීහු කොළඹ බලා ආපසු ගමන් ආරම්භ කළ නමුත් වැල්ලවායේදී සිංහල හමුදා ප්‍රහාරයකට ලක් වූහ. බොහෝ ලස්කිරිඤ්ඤ භටයෝ පෘතුග්‍රීසීන් පාවා දුන්හ. පක්ෂපාතීව සිටියේ 500 ක් පමණි. අනෙකුත් අය සතුරාට එක් වූහ. උඩරට රජුට මෙය විශාල ජයග්‍රහණයක් විය. මෙම පෘතුග්‍රීසි ආක්‍රමණයේදී දිවි ගැලවුණේ 130 දෙනෙකුගේ පමණී. ඔව්හු යටත් වූහ. කපිතාන් ජොරනිමෝ ද අසවේදු අල්ලා ගනු ලැබ ඔහුගේ හිස ගසා දමනු ලැබීය. (පසුව දෙවැනි රාජසිංහ නමින් රජ වූ ) මහාස්ථාන කුමරු විසින් රැගෙන ගොස් සෙනරත් රජුට පෙන්වා සිටියේය.
මෙම පරාජය පෘතුග්‍රීසි ලංකාව අනතුරුදායක තත්වයකට පත් කළේය. මෙම ජයග්රහණයෙන් පසු සබරගමුව බලකොටුව අල්ලා ගෙන කොළඹ නගරය වට කළේය. එහෙත් මාස තුනක් වටලා සිටීමෙන් පසුව නැවත ඔවුනට පසු බැසීමට සලස්වන ලදී.
1658-1796 කාලයේදී ලන්දේසීන් විසින් ග්‍රහණයට ලක්ව සිටි ලංකාව හෝ ශ්‍රී ලංකාව ට අයත් ස
"අධිරාජ්‍යවාදීන් වන ලන්දේසීන් විසින් කොළඹ ඈඳා ගැනීම
බ්‍රිතාන්‍යයන් විසින් කොළඹ ඈඳා ගැනීම
සිරිය සහ ඔවුන්ගේ එම පාලනය හැඳින්වීමට මෙම පදය තුල්යාර්ථමය ලෙසින් භාවිතා වේ.
1600 ගණන් වලදී, ශ්‍රී ලංකාව, අඩ වශයෙන් පෘතුගීසි ආක්රමණකාරීන් විසින් පාලනය කල අතර, සිංහල රාජධානිය, එකිනෙක ඇණ කොටා ගනිමින් කල ගෙවූහ. පෘතුගීසිහු යුද්ධය දීනීමට අසමත් වූවද, ඔවුන්ගේ පාලනය, ඔවුන්ගේ ග්‍රහණයට නතුව තිබූ සරිය තුල වූ ජනතාවට යම් පීඩාවක් ඇති කිරීමට හේතු කාරක විය. ස්පාඤ්ඤ පාලනයෙන් මිදෙනු වස්, නිදහස සඳහා යුද්ධය ක ලන්දේසීහු නිරතව සිටියහ. මෙම පසුබිම පැවැති කලෙක, සිංහල රජ (උඩරට රජු) විසින්, පෘතුගීසීන් පැරදවීමට සහාය වෙන මෙන් ලන්දේසීන්ගෙන් උපකාර පතන ලදි. අයිබේරියානුවන් ට එරෙහිව එකමුතු සටනක් දියත් කිරීමට එවක පැවැති අදිටන නිසාවෙන් ලංකාව පිලිබඳ ලන්දේසි අවධානය යොමු විය.
ලන්දේසින් විසින් ශ්‍රී ලංකාව පාවා දීමට අනතුරුව, ලන්දේසීන් විසින් ශ්‍රී ලංකාවේ කොටස් ආක්‍රමණය කරන ලදි. යුද්ධයේ වියදමට හිලවු වන පරිදි භූමියෙන් කොටසක් තම භාරයෙහි තබාගත් ඔවුහූ කෙමෙන් තම භූමිය ව්‍යාප්ත කිරීමෙහි යෙදුනහ. ලන්දේසීන්විසින් වෙරළබඩ පෙදෙසෙහි පාලනය නතු කර ගත් නමුත්, යටත්විජිතවාදී ඉංග්‍රීසි පාලකයන් පසුව ඔවුන්ගේ අනුප්රාප්තිකයන් වූහ. ලන්දේසින් හා ඉංග්‍රීසින් දළ වශයෙන් වසර 150 ක් පාලනය සිදු කලහ.
ආසියාව බටහිරින් මුස්ලිම් වරුන්ගෙන්ද නැගෙනහිරින් මොංගෝලියන් වරුන්ගෙන්ද එල්ල වූ ආක්රමණවලට මුහුණ දෙමින් සිටියේය. පෘතුගීසීන් එන්නට පළමු ලංකාවේ සිංහල රජවරු කප්පම් ගෙවමින් සිටියහ. පෘතුගීසි ආක්‍රමණයෙන් නිදහස් වීමට සහ ඔවුන් විසින් බලයෙන් අන්‍ය ආගම්වලට ජනතාව හරවා ගැනීම වැළැක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකිකයෝ ලන්දේසීන්ට පැමිණීමට ඇරයුම් කළහ. රාජසිංහ රජු සමග 1638 උඩරට වෙස්ටර් වෝල්ඩ් ගිවිසුම අත්සන් කිරීමෙන් ඔවුහු ජාතීන්ගේ නීතිය අනුගමනය කරමින් දෙපාර්ශවයේම පොදු සතුරා සමග සටනකට අවතීර්ණ වූහ. මෙ පරිදි ලන්දේසීහු රටේ ආරක්ෂකයන් බවට පත් වූහ.
ඉතා ඉක්මණින් දිවයිනේ ජනතාව ලන්දේසීන්ට කැමති වූහ. රාජසිංහ රජු ප්‍රංශයන් ලංකරගෙන ඔවුනට ත්‍රීකුණාමලය කොටුව පැවරුවේ ලන්දේසීන්ට එරෙහිව බලය තුලනය කිරීමටයි. ලන්දේසීහු ත්‍රීකුණාමලය ප්‍රංශවරුන්ගෙන් අල්ලා ගෙන දිවයිනේ සම්පූර්ණ මුහුදු බඩ ප්‍රදේශයේ පාලනය ඔවුන්ගේ අතට ගත්හ. ලන්දේසීන් සහ රාජසිංහ රජු එකිනෙකා රවටා පරාජය කිරීමේ සෙල්ලමක යෙදී සිටියහ. දෙපාර්ශවයම 1638 ගිවිසුම ක්‍රියාත්මක කළහ. ලන්දේසිහු දෙමළ පලාත් සියල්ලම පාලනය කල අතර බස්නාහිර පළාතේ කුරුඳු වතුවල වැඩ කිරීම සඳහා තන්ජෝර්වලින් දෙමළ වහලුන් ගෙන ආහ. ඔවුන්ගේ ඉන්දියාවේ අගනගරය වූයේ පුලිකට් නගරයයි. ඔවුන්ට අවශ්‍ය මිනිස් ශ්‍රමය සපයා ගන්නා ලද්දේ ඉන්දියානු ජනපද වලිනි.
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්‍රදේශ පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ගෝව නගරයේ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්‍රීසි හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්‍රීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්‍රේල් 3 දින ත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.
ලන්දේසීන් හා සිංහල පාලකයන්ගේ දෙපිටකාට්ටු උපක්‍රම
ලන්දේසි-පෘතුගීසි යුද්ධය සංස්කරණය
1580 සිට 1640දක්වා පෘතුගාලය (Portugal) පාලනය කලේ ස්පේන්හි හබ්ස්බ'ග් (Habsburg) අධිරාජ්‍යවරු විසිනි.
1638 වර්ෂයේ ගිවිසුමෙන් පසු ප්රුතුග්රීසීන් මෙරටින් නෙරපා හැරීමට තවත් වසර 20ක් ගත විය.ඒ කාලයේ ප්රුතුග්රීසීන් සතුව තිබූ ත්‍රීකුණාමලය, මීගමුව, ගාල්ල,කළුතර,කොළඹ,මන්නාරම,යාපනය වගේ බලකොටු තමා සතු කර ගැනීමට ලන්දේසින් සමත් විය. ඒ උඩරට රජුගේ ද සහය ඇතිවය.
"මහනුවරදී විශ්වාසය කඩ කිරීම"
ලන්දේසීන් සහ පෘතුගීසීන්සංස්කරණය
පෘතුගීසි පාලනය හැම විටම සීමා වී තිබුණේ මුහුදු බඩ පළාත්වලට වූ අතර ඔවුන්ගේ ආගමට හරවා ගත් බොහෝ මිනිසුන් ධීවරයෝ වූහ. ඔවුන්ගේ බලයේ කොඳු නාරටිය වූයේ එම ජනතාවයි. ඉතිරි ලංකාව බෞද්ධ-හින්දු ආගම පිළිපැද්දහ.
තම පාලන ප්‍රදේශ පුළුල් කර ගැනීමට අවශ්‍යව සිටි පෘතුගීසින්ගෙන් පළිගැනීම සඳහා සිංහල රජු විසින් ලන්දේසීන් ප්‍රයෝජනයට ගන්නා ලදී. ලන්දේසීන්ගේ පැමිණීම පෘතුගීසීන්ට සතුරන් දෙදෙනෙකු සමග ගණු දෙණු කිරීමක් වූයේය. අවසානයේ ලන්දේසීන් සමග ගිවිසුමකට බැඳීමට පෘතුගීසීන්ට බල කෙරිණි. එහි අර්ථය වූයේ විවෘත ආර්ථිකයට එළඹීමයි. අවසානයේ පෘතුගීසීහු ලංකාව අත හැරදා ගියහ.
පෘතුගාලය සමග යුද්ධ කිරීම ඔවුන්ගේ පාලකයා වූ ස්පාඤ්ඤයේ රජුට එරෙහිව කරන යුද්ධයක් විය. එක් වතාවකදී පෘතුගාලය ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අවස්ථාවේදී නෙදර්ලන්තය විසින්පෘතුගාලය සමග සාමයක් ඇති කර ගත්තේය. ඉන් පසු ගෝවේදී අත්සන් කරන ලද ගිවිසුමක් මගින් ලංකාවේ අත්පත් කර ගත් ප්‍රදේශ සමගි ලීලාවෙන් බෙදූහ. සෙමෙන් සෙමෙන් ලන්දේසීහූ ලංකාවේ සහ ඉන්දුනීසියාවේ මුහුදු බඩ පෙදෙස් සහ පිටත පෙදෙස්වල පාලකයෝ බවට පත්වූ අතර පෘතුගීසීන්ට ඉතිරි වූයේ ලන්දේසීන් හා ඉංග්‍රීසීන් සමග සසඳන කළ කුඩා පෙදෙස් විය.
ලංකාවේ ලන්දේසි පාලනයේ පටලැවිලිසංස්කරණය
ලන්දේසීහු ඔවුන්ගේ ප්‍රදේශ පාලනය කිරීම හා පුළුල් කිරීම ඇරඹූහ. මෙකල වන විට, මහනුවර රජු යුද්ධ කටයුතු සඳහා උදවු ලබා ගැනීමට වෙනත් බලවත් පාර්ශවයක් සොයමින් සිටියේය. මේ සඳහා ඔවුන් ප්‍රවේශ වූයේ ප්‍රංශය වෙතටය. අවසානයේදී නැපෝලියානු යුද්ධ කාලයේදී රාජ්‍ය තාන්ත්‍රික අයුරින් ලන්දේසි පාපන ප්‍රදේශ අත්පත් කර ගත් ඉංග්‍රීසින් විසින් ලන්දේසීන් ප්‍රතිස්ථාපනය කෙරිනි.
ස්වදේශීන් පාලනය කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් ලන්දේසීන් විසින් මැලේ සොල්දාදුවන් සහ පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ලංකාවේ පදිංචි කරවූහ.
ලන්දේසින් ජනරජවාදීන් වූ අතර ලෙස ජනරජ හෙවත් සමූහාණ්ඩු පිළිබඳ අදහස් ලංකාවට රැගෙන ආහ. ලන්දේසි ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ ඔරෙන්ජ් හි කුමරුගේ පාලනයට වඩා බතාවියානු පාලනය විය. 1799 දී සිදු වූ බ්‍රිතාන්‍ය-රුසියන් ආක්‍රමණයේදී මෙය විද්‍යාමාන විය.
ප්‍රංශ ගැති රාජ්‍යයක් ලෙසට බතාවියන් සමූහාණ්ඩුව, බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධයේදී ප්‍රංශයේ මිත්‍ර පාක්ෂිකයෙකු විය. 1797 දී සිදු වූ කැම්පර්ඩවුන් සටනේදී ලන්දේසි නාවික බලඇණියක් පරාජයට පත් වීමත් සමගම බොහෝ ලන්දේසි යටත් විජිත අධිරාජ්‍යය ඔවුනට අහිමි වීමට මෙය හේතු පාදක විය. ලන්දේසීන්ගේ වෙළඳාම කඩා වැටීම ආර්ථික අර්බුද කීපයකට හේතු විය. ලන්දේසීන්ගේ ධනය පෙර තිබූ මට්ටමට ගෙන ආ හැකි වූයේ 19 සියවසේ දෙවැනි භාගය තරමේදීය. මෙම ජාතීන් දෙකට පසු ව ලංකාව කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කළ යුරෝපා ජාතිය බි්රතාන්යයන් වේ. ඉංග්‍රීසි භාෂාව කතා කළ ඔවුහු පොදුවේ ඉංග්‍රීසීන් ලෙස ද හඳුන්වති.
බි්රතාන්යයන් ආසියාවට පැමිණීම පෘතුගීසීන් හා ලන්දේසීන් ආසියාවේ වෙළෙඳ කටයුතුවලින් විශාල වශයෙන් ලාභ
ලබන බව දුටු ඉංග්‍රීසීහු ද ආසියාව කෙරෙහි තම අවධානය යොමු කළහ. එ් අනුව බි්රතාන්යයේ පළමුවන එළිසබෙත් රුජිනගෙන් රාජකීය බලපත්‍රයක් මගින් ආසියාවේ වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාමට අවසර ලබාගෙන, ඉංග්‍රීසි ව්‍යාපාරිකයන් පිරිසක් විසින් වර්ෂ 1600 දෙසැම්බර් මස ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම පිහිටුවන ලදි. එම වෙළෙඳ සමාගමේ පළමුවන නැව් කණ්ඩායම සුමාත්‍රා පත් ප්‍රදේශයට ගොස් එහි වෙළෙඳ කටයුතු ආරම්භ කර ඇත. මීට පසු විලියම් හෝකින්ස් යටතේ තවත් නැව් කණ්ඩායමක් ඉන්දියාවට පැමිණ එවකට ඉන්දියාවේ මූගල් අධිරාජයා වූ ජහන්ගීර් සමග වෙළෙඳ කටයුතු පිළිබඳ ව සාකච්ඡුා පැවැත්වී ය. ඉංග්‍රීසීහු ආසියාවට පැමිණි මුල් කාලයේ අග්නිදිග ආසියාතික ප්‍රදේශ සමග තම
වෙළෙඳ සබඳතා තර කර ගැනීමට උත්සාහ කළෝ ය. 17 වන සියවසේ මුල් දශක දෙක තුළ අග්නිදිග ආසියාවේ වෙළෙඳ බලය ගොඩනගා
ගැනීමට පෘතුගීසීන් හා ලන්දේසීන් අතර ගැටුම් ඇති වී තිබුණි. මෙහි දී ඉංග්‍රීසීන් ඇතැම් අවස්ථාවල පෘතුගීසීන්ට එරෙහිව ලන්දේසීන් සමග සහයෝගයෙන් ක්‍රියා කර ඇත. මෙම දෙපක්ෂයේ පොදු හතුරා වූ පෘතුගීසීන්ට එරෙහි ව කටයුතු කිරීමට ලන්දේසීන් ඉංග්රීසින්ගේ සහය ලබා ගත්තත් අග්නිදිග ආසියාවේ කුළු බඩු බහුල ව වැවෙන පත්වල ඉංග්‍රීසි බලයක් ගොඩනැගෙනු දැකීම ලන්දේසීන්ගේ අපේක්ෂාව නො වී ය. මේ නිසා 1623 වර්ෂයේ දී කුළුබඩු දිවයින්වලට අයත් ඇම්බොයිනා පතේ බලකොටුවකට පහරදුන් ලන්දේසීහු එහි සිටි ඉංග්‍රීසීන් පිරිසක් ඝාතනය කළහ. ඊට එරෙහි ව ලන්දේසීන්ට ප්‍රතිප්‍රහාරයක් දීමටය. නමුත් ඉංග්‍රීසි එම ප්‍රදේශයේ ඉංග්‍රීසි බලය ශක්තිමත් නොවූ හෙයින් අග්නිදිග ආසියාතික ප්‍රදේශවලින් ඉංග්‍රීසීහු ඉවත් වූහ. අනතුරුව ඔවුන් ඉන්දියාව කෙරෙහි සිය පූර්ණ අවධානය යොමු කළ බව පෙනේ. ඉංග්‍රීසීන් 1607 වර්ෂයේ සිට ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කළ නමුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට වසර දහයකට වැඩි කාලයක් ගත විය. ඉන්දියාවේ දී ඉංග්‍රීසීන් ඉතා උපායශීලී ව කටයුතු කළ නිසා 17 වන සියවසේ අග භාගය වන විට මදුරාසිය, බොම්බාය හා කල්කටාව ඇතු`ඵ ප්‍රදේශ කිහිපයක වෙළෙඳ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ඔවුහු සමත් වූහ. එහෙත් 1664 වර්ෂයේ සිට ප්‍රංශවරුන් ද ඉන්දියාවට පැමිණ පොන්ඩිචේරි, කරිකාල් හා චන්ද්රනගර් වැනි ස්ථානවල වෙළෙඳ මධ්‍යස්ථාන පිහිටුවීමත් සමග ලන්දේසීන්ට අමතර ව ප්‍රංශවරුන් සමගත් වෙළෙඳ තරගයක නියළීමට ඉංග්‍රීසීන්ට සිදු විය. 18 වන ශතවර්ෂය වන විට ඉන්දියාවේ ස්වකීය බලය ගොඩනැගීම සම්බන්ධයෙන් ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන් අතර දේශපාලන ගැටුමක් ඇරඹිණ. ශ්‍රී ලංකාව කෙරෙහි බි්රතාන්යයන්ගේ අවධානය යොමු වීම ඉංග්‍රීසීන් ඉන්දියාවට පැමිණ ශතවර්ෂයකට වැඩි කාලයක් ගත වන තෙක් ශ්‍රී ලංකාව කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු නොවූ බව පෙනේ. මේ කාලයේ දී ඉංග්‍රීසීන් ඉන්දියාවේ ශක්තිමත් බලයක් ගොඩනගාගෙන නොතිබීමත් පෘතුගීසීන් හා ඊට පසු ලන්දේසීන් දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල ශක්තිමත් බලකොටු පද්ධතියක් පවත්වාගෙන යෑමත් ඊට හේතු විණැයි සැලකිය හැකි ය. එහෙත් 18 වන සියවසේ මුල් භාගයේ දී ඉන්දියාවේ මූගල් අධිරාජ්‍ය පරිහානියට යෑමත් සමඟ එතෙක් වෙළෙඳාමෙන් පමණක් තෘප්තිමත් වූ ඉංග්‍රීසීහු ඉන්දියාවේ දේශපාලන බලය පැතිරවීම ඇරඹීමත් සමග ලංකාව කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය. එ් සඳහා ප්‍රධාන හේතු දෙකක් බලපෑ බව පෙනේ. 1. ශ්‍රී ලංකාවේ පිහිටීම 2. ශ්‍රී ලංකාවේ කුරුඳු ඇතුළු වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ලබා ගැනීම ශ්‍රී ලංකාව ඉන්දියාව ආසන්නයේ පිහිටා තිබීමත්, බෙංගාල බොක්ක ඇතුළු ඉන්දියාව අවට මුහුදු කලාපයේ නාවික හා වෙළෙඳ කටයුතු පාලනයට ලංකාව හොඳ මධ්‍යස්ථානයක් වීමත් ඉංග්‍රීසීන්ට ඉතා වැදගත් විය. ඉංග්‍රීසීන් හා ප්‍රංශවරුන් අතර බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශවල සටන් ඇති වූ අවස්ථාවල සතුරු ප්‍රහාර නිසා අබලන් වූ නැව් අලූත්වැඩියා කිරීමට සුදුසු වරායක අවශ්‍යතාව ඉංග්‍රීසීන්ට තදින් දැනුණි. මෙහි දී ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ අවධානය නිතැතින් ම යොමු විය. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ සැලකිල්ල යොමු වීමට බලපෑ කරුණු කිහිපයක් මෙසේ ය. �� ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කට මුහණ ලා පිහිටා තිබීම �� ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ඉංග්‍රීසී නාවික බලය රුක ගැනීමට එම වරායේ පිහිටීම වැදගත් වීම �� ඊසාන දිග මෝසම් සුළං කාලයේ නැව් ආරක්ෂා කර ගැනීමට ත්‍රිකුණාමල වරාය යොදා ගත හැකි වීම ඉන්දියාව
ති‍්‍රකුණාමලය වරාය ඉන්දියන් සාගරය වරාය
ඉන්දියාවේ ආරක්ෂාවට මෙන් ම ඉන්දියානු සාගරයේ නාවික කටයුතු මෙහෙයවීමටත් හොඳ මධ්‍යස්ථානයක් වූ ත්‍රිකුණාමල වරාය ප්‍රංශවරුන් අතට පත් වුවහොත් එය තමන්ට ඉතා අවාසිදායක බව ඉංග්‍රීසීහු දැන සිටියහ. මේ නිසා ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම හා ත්‍රිකුණාමල වරායේ විශේෂ වැදගත්කම ඉංග්‍රීසීන්ගේ අවධානය මෙරට කෙරෙහි යොමු වීමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් විය. ශ්‍රී ලංකාව එ් වන විටත් කුරුඳු ඇතුළු කුළු බඩුවලට ප්‍රසිද්ධ රටක් විය. යුරෝපීය
වෙළෙඳපොළේ ඉහළ ඉල්ලූමක් තිබූ ඉස්තරම් වර්ගයේ කුරුඳු මෙරට නිෂ්පාදනය කෙරන බවත් කුරුඳු වෙළෙඳාමෙන් ලන්දේසීන් විශාල ලාභයක් ලබන බවත් ඉංග්‍රීසීහු දැන සිටියහ. මේ නිසා කුරුඳු වෙළෙඳාමේ එ්කාධිකාරය තමන් අතට ගැනීමට ඉංග්‍රීසීන්ට අවශ්‍ය වී තිබුණි. කුරුඳුවලට අමතරව මෙරට ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, මුතු, මැණික් හා ඇත් දත් ආදිය ද ඉහළ මිලකට අලෙවි කළ හැකි වෙළෙඳ ද්‍රව්‍ය විය. මෙබඳු කරුණු නිසා ඉංග්‍රීසීන් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය පිහිටුවීම කෙරෙහි යොමු වූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ පිහිටීම කුරුඳු ඇතුළු වටිනා කුළුබඩු ලබාගත හැකි වීම ඉංග්‍රීසීන් හා උඩරට රාජ්‍ය අතර සබඳතා පෘතුගීසීන් මෙරටින් පලවා හැරීමට ලන්දේසින්ගේ සහය ලබා ගත් සෙයින් ම ලන්දේසීන් දිවයිනෙන් පලවා හැරීම සඳහා වෙනත් විදේශ ජාතියක සහාය ලබා ගැනීමට උඩරට රජවරු කල්පනා කළහ. මේ අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඉන්දියාවේ සිටි ඉංග්‍රීසීන් වෙත මෙන් ම ප්‍රංශවරුන් වෙත ද පණිවිඩය යවන ලදි. ඉංග්‍රීසි උඩරටට පැමිණීමට පසුබිම සැකසුණේ එහි ප්‍රතිඵල වශයෙනි. ඉංග්‍රීසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමට පෙර ඔවුන්ගේ තිදෙනෙකු වරින් වර උඩරටට පැමිණ තිබේ. �� 1762 දී ජෝන් පයිබස් උඩරට ට පැමිණීම �� 1782 දී හියුබොයිඞ් උඩරට ට පැමිණීම �� 1795 දී රොබට් ඇන්ඩෲස් උඩරට ට පැමිණීම ජෝන් පයිබස් උඩරටට පැමිණෙන විට කීර්ති ශ්‍රී රාජසිංහ රජු උඩරට පාලකයා විය. සෙසු ඉංග්‍රීසි ගමන් දෙක සිදු වූයේ රාජාධිරාජසිංහ රජුගේ කාලයේ දී ය. ජෝන් පයිබස් හා හියුබොයිඞ්ගේ ගමන්වල දී ඉංග්‍රීසීන්ට අවශ්‍ය වූයේ ලංකාව සමග වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම යි. එම ගමන් සිදු වූ කාලයේ ලන්දේසින් හා ඉංග්‍රීසීන් ගැටුම්වලින් වැළකී එකමුතු ව අවශ්‍ය අවස්ථාවල ත්‍රිකුණාමල වරාය භාවිත කිරීමට ද කටයුතු කළ අතර මේ නිසා ලන්දේසීන්ට එරෙහි ව උඩරටට ආධාර දීමට ඉංග්‍රීසීහු ඉදිරිපත් නොවූහ. තමන්ගේ දේශපාලන අරමුණ වූ ලන්දේසීන් පළවා හැරීමට සහාය නොලැබෙන ජාතියක් සමඟ වෙළෙඳ සබඳතා ඇති කර ගැනීමට උඩරට රජවරු උනන්දු නොවූහ. මේ නිසා මුල් ගමන් දෙකෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබුණි. 1795 වර්ෂයේ අගෝස්තු මාසයේ ඉංග්‍රීසි හමුදාව ලන්දේසීන් සතුව තිබූ ත්‍රිකුණාමල වරාය අල්ලා ගැනීමෙන් පසුව රොබට් ඇන්ඩෲස් උඩරටට ගොස් රාජාධිරාජසිංහ රජු මුණ ගැසුණි. ලංකාවේ සෙසු ලන්දේසී බලකොටු ඉංග්‍රීසීන් යටතට ගැනීමට සටන් සිදු වන විට උඩරට රජුගේ සහාය ඉංග්‍රීසීන්ට ලබා ගැනීම ගැන සාකච්ඡුා කිරීම ඇන්ඩෲන්ගේ ගමනේ මූලික අරමුණ විය. එහි දී ඉංග්‍රීසීන්ට ආධාර ලබා දීමට රජු එකඟ විය. එහෙත් ලන්දේසීන් සමග මෙරට දී සිදු කළ සටන තමන් අපේක්ෂා කළ තරම් දුෂ්කර නොවන බව ලන්දේසි බලකොටු යටත් කිරීමෙන් ඉංග්‍රීසීන්ට පැහැදිලි විය. මේ නිසා දිවයිනේ ලන්දේසීන් සතු ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් තමන් ලබන වාසිය උඩරට රජු සමඟ බෙදා හදා ගැනීමට ඉංග්‍රීසීන් තුළ කැමැත්තක් නොතිබුණි. එහි ප්‍රතිඵල වශයෙන් උඩරට රජුගේ කොන්දේසි පිළිගෙන රජු සමඟ දිගු කාලීන මිත්‍රත්වයක් ඇති කර ගැනීමට අවශ්‍ය සාකච්ඡුා පැවැත්වීමට ඉංග්‍රීසීහු ඉදිරිපත් නොවූහ. බි්රතාන්ය බලය පිහිටුවීම ශ්‍රී ලංකාව බි්රතාන්ය යටත් විජිතයක් බවට පත් කර ගැනීමේ දී කැපී පෙනෙන අවස්ථා තුනක් හඳුනාගත හැකි ය.
�� 1796 වර්ෂයේ දී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටුවීම �� 1802 වර්ෂයේ දී එතෙක් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතේ පාලනය වූ මෙරට මුහුදුබඩ ප්‍රදේශ බි්රතාන්ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කිරීම �� 1815 වර්ෂයේ දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටත් කර ගැනීම
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බි්රතාන්ය බලය පිහිටුවීම 1789 වර්ෂයේ දී ප්‍රංශ විප්ලවය ඇති වීමෙන් පසු ව යුරෝපයේ උද්ගත වූ නව
දේශපාලන වාතාවරණය යුරෝපීයයන්ගේ ආසියාතික යටත් විජිත කටයුතු කෙරෙහි ද බලපෑවේ ය. විප්ලවයෙන් පසු ව ප්‍රංශයේ බිහි වූ නව ආණ්ඩුවේ හමුදාවෝ 1794 වර්ෂයේ දී ඕලන්දය ආක්‍රමණය කළහ. මෙහි දී ඕලන්දයේ පාලකයා හෙවත් ස්ටැට්හෝල්ඩර්වරයා වූ පස්වන විලියම් රජු බි්රතාන්යයට පලා ගියේ ය. ලන්දේසීන්ගේ රට වූ ඕලන්දය ප්‍රංශ බලයට යටත් විය. මේ නිසා ලන්දේසීන් යටතේ පැවති මෙරට මුහුදුබඩ ප්‍රදේශ ප්‍රංශවරුන් යටතට පත් වීමේ අවදානමක් මතු විය. ශ්‍රී ලංකාවේ වැදගත්කම ගැන මනා අවබෝධයකින් පසු වූ ඉංග්‍රීසීහු මෙම අවස්ථාව දිවයිනේ තම බලය පිහිටුවීමට යොදා ගත්හ. ප්‍රංශ ආක්‍රමණය නිසා ඕලන්ද පාලකයා වූ ස්ටැට්හෝල්ඩ්වරයා බි්රතාන්යයේ රුකවරණ ලබා සිටි හෙයින් තමන්ට වාසිදායක ලිපියක් ඔහු ලවා මෙරට ලන්දේසි ආණ්ඩුකාරවරයා වෙත එවීමට ඉංග්‍රීසීන් කටයුතු සැලැස්වී ය. ස්ටැට්හෝල්ඩ්වරයා එංගලන්තයේ කිව් මාලිගයේ සිට එවූ බැවින් එය කිව් ලිපිය වශයෙන් ද හැඳින්වේ. ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ ප්‍රංශවරුන් අතට පත් වීම වලක්වා ගැනීම පිණිස එම ප්‍රදේශවලට ඉංග්‍රීසි හමුදාව ඇතුළු කර ගත යුතු යැයි එම ලිපියේ සඳහන් විය. 1795 වර්ෂයේ පෙබරවාරි මස මෙරට ලන්දේසි ආණ්ඩුකාර ෆන් එංගල්බෙක් වෙත එකී ලිපිය ලැබුණි. එහෙත් ලිපියේ සඳහන් පරිදි තම බලකොටු තුළට ඉංග්‍රීසි හමුදාව ඇතු`ඵ කර ගැනීමට මෙම ලන්දේසි ආණ්ඩුකාරවරයා මැලි විය. මේ නිසා 1795 අගෝස්තු මාසයේ දී ඉංග්‍රීසින් විසින් ලන්දේසින් සතු වූ ත්‍රිකුණාමලයට පහර දෙන ලදි. ඉංග්‍රීසි ප්‍රහාර හමුවේ ලන්දේසීහු කොන්දේසි විරහිත ව යටත් වූහ. ඕලන්ද පාලක පස්වන විලියම් එංගලන්තයේ කිව් මාලිගාව ත්‍රිකුණාමලය ඉංග්‍රීසින් අතට පත් වීමෙන් පසු ව එවකට ලන්දේසීන් සතු ව තිබූ මඩකලපුව, මුලතිව්, පේදුරුතුඩුව, යාපනය, මන්නාරම ඇතුළු බලකොටු රුසක් ම කෙටි කාලයකින් ඉංග්‍රීසීන්ට යටත් විය. 1796 පෙබරවාරි මාසය වන විට කොළඹ හා ගාල්ල බලකොටු ද ඉංග්‍රීසීන්ට යටත් වූ හෙයින් ලංකාවේ ලන්දේසීන් සතු ප්‍රදේශ සියල්ල ඉංග්‍රීසීන් යටතට පත් විය. ලන්දේසීන්ට තව දුරටත් අලාභ නොලබා සාධාරණ කොන්දේසි මත සාමකාමී ව මෙරටින් ඉවත් ව යාමට මග සැලසෙන ගිවිසුමක් පෙබරවාරි 16 දින අත්සන් කෙරුණි. මේ සමඟ ලන්දේසීන් සතු වූ මෙරට මුහුදුබඩ පළාත් ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා සමාගමේ පාලනයට නතු විය. ඉංග්‍රීසි වෙළෙඳ සමාගම යටතේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනය පෘතුගීසීන් හා ලන්දේසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ
පරිපාලන කටයුතු සඳහා හැකි තරම් ස්වදේශීය නිලධාරින් යොදා ගෙන පරිපාලන කටයුතු සංවිධානය කර තිබුණි. එහෙත් ඉංග්‍රීසි වෙළෙඳ සමාගමට එ් පිළිබඳ අවබෝධයක් නොතිබුණි. මේ නිසා ඉංග්‍රීසීහු තමන් යටතට පත් වූ ප්‍රදේශ ඉන්දියාවේ මදුරාසි පාලනය යටතේ මදුරාසියෙන් ගෙන්වූ නිලධාරින් යොදා ගෙන පාලනය කළහ. 1796 වර්ෂයේ සිට 1798 දක්වා එම පාලනය පැවතුණි. මදුරාසි පාලනය යටතේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට රෙසිඩන්ට්වරයෙකු පත් කෙරිණි. ඔහු යටතේ ආදායම් එකතු කිරීමේ සහකාර පරීක්ෂකවරුන් පිරිසක් පත් කළ අතර ඔවුහු කලෙක්ටර්ස්වරුන් ලෙස හැඳින්වූහ. කලෙක්ටර්ස්වරුන්ගේ සේවා මධ්‍යස්ථානය කච්චේරිය ලෙස නම් කෙරිණ. මෙරට කච්චේරි ක්රමයේ ආරම්භය සිදු වූයේ එසේ ය. කලෙක්ටර්ස්වරුන්ට සහාය සඳහා තවත් නිලධාරින් පිරිසක් පත් කර සිටි අතර ඔවුන් අවුමිල්දාර්වරුන් ලෙස හඳුන්වා ඇත. අවුමිල්දාර්වරුන්ගේ සහායට ද තවත් නිලධාරින් පත් කර සිටි අතර මෙම සියලූ නිලධාරීහු කලෙක්ටර්වරුන්ගේ අධීක්ෂණය යටතේ ආදායම් එකතු කිරීමේ කටයුතුවල නිරත වූහ. ඉංග්‍රීසි වෙළෙඳ සමාගමේ පාලනය යටතේ මුදලිවරුන් වැනි ස්වදේශීය නිලධාරින් නොසලකා හැර තිබුණි. ඉහත කී අලූත් තනතුරුවලට අවශ්‍ය පිරිස මදුරාසියෙන් මෙරටට ගෙන්වා ගත් අතර එසේ පැමිණි නිලධාරීන්ට මෙරට සම්ප්‍රදායන්, සංස්කෘතිය හෝ ස්වදේශීය භාෂාවන් පිළිබඳ අවබෝධයක් නොතිබුණි. එබඳු නිලධාරි පිරිසකට සිවිල් පරිපාලනය, අධිකරණ කටයුතු හා ආදායම් ඉපයීමේ කටයුතු පවරා තිබීම නිසා පාලන අධිකාරිය හා මහජනතාව අතර සබඳතාව දුරස් විය. දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ තමන් යටතට ගැනීමට කටයුතු කිරීමේ දී ඉංග්‍රීසි වෙළෙඳ සමාගමට විශාල මුදලක් වැය වී තිබුණි. එකී මුදල් ඉක්මනින් පියවා ගැනීමට හා හැකි තරම් ලාභ ලබා ගැනීමේ අරමුණෙන් පාලන කටයුතු මෙහෙයවීම මෙම පාලනයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයකි. මේ නිසා සමාගම විසින් මුහුදුබඩ ප්‍රදේශවලට අලූත් බදු වර්ග රුසක් පනවන ලදි. එම බදු මුදල්වලින් ගෙවීමට සිදු වීමෙන් මහජනතාව අපහසුතාවට ලක් ව තිබුණි. අලූතෙන් හඳුන්වාදුන් පොල්ගස් බද්ද එයට උදාහරණයකි. මේ අනුව පොල් ගස් දහයකට වැඩි ඉඩම්වලින් එක් පොල්ගසක් වෙනුවෙන් රිදී පනමක් බැගින් බදු ගෙවීමට නියම කෙරිණ. පොල් ගසෙන් ලැබෙන ඵලදාවේ ප්‍රමාණය නොසලකා බදු අය කිරීමත් එම බදු මුදලෙන් ගෙවීමට නියම කිරීමත් ගැන වෙරළබඩ ප්‍රදේශවල නොසන්සුන්තාවක් ඇති විය. නව පාලනය කෙරේ පැවති මහජන අප්‍රසාදය නිසා කෙටි කාලයකින් ම එය කැරැුල්ලක් බවට පත් විය. වර්ෂ 1797 දී ඉංග්‍රීසි වෙළෙඳ සමාගමට එරෙහිව ඇති වූ එම කැරුල්ල මුහුදුබඩ ප්‍රදේශ රැුසක පැතුරුණි. මහත් වෙහෙසක් ගෙන ඉංග්‍රීසීන් විසින් කැරුල්ල මැඩ පවත්වන ලදි. මෙරට බි්රතාන්ය පාලනය ආරම්භයේ දීම මහජනතාවගේ විරෝධයක් පවතින බව මෙම කැරුල්ලෙන් පැහැදිලි විය. මේ නිසා මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වය සොයා බලා අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීමට කොමිසමක් පත් කෙරිණ. බි්රගේඩියර් ජෙනරාල් දි මියුරන්ගේ සභාපතිත්වයෙන් පත් කළ එකී කොමිසම මියුරන් කොමිසම ලෙස හැඳින්වේ. මියුරන් කොමිසමේ නිර්දේශ කිහිපයක්, �� බදු එකතු කිරීමට යොදවා සිටි මදුරාසි නිලධාරින් ආපසු යවා එ් සඳහා දේශීය නිලධාරින් යොදවා ගැනීම �� පොල් ගස් බද්ද ඇතුළු අලූත් බදු වර්ග ඉවත් කිරීම �� ආදායම් එකතු කිරීම හා අධිකරණ කටයුතු සඳහා වෙන වෙනම නිලධාරින් පත් කිරීම �� ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටුවීම 1798 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ සිට මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසි පාලනයේ කිසියම් වෙනසක් ඇති විය. එ් අනුව දේශපාලන කටයුතු මෙහෙයවීම සඳහා බි්රතාන්ය ආණ්ඩුව විසින් ආණ්ඩුකාරවරයෙකු පත් කරන ලදි. එ් යටතේ පෙඩ්රික්නෝර්ත් ආණ්ඩුකාරවරයා දිවයිනට පැමිණුණි. මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමේ දී ඉංග්‍රීසි වෙළෙඳ සමාගමට වැය වූ මුදල් පියවා ගැනීම සඳහා ආදායම් එකතු කර ගැනීම තව දුරටත් වෙළෙඳ සමාගම යටතට පත් කෙරිණ. දේශපාලන කටයුතු බි්රතාන්ය ආණ්ඩුව මගින් හා ආර්ථික කටයුතු වෙළෙඳ සමාගම මගින් ගෙන ගිය මෙම පාලන ක්‍රමය ද්විත්ව පාලනය වශයෙන් හැඳින්වේ. 1798 වර්ෂයේ සිට 1802 දක්වා එම පාලන ක්‍රමය පැවතුණි. ද්විත්ව පාලනය යටතේ ආණ්ඩුකාරවරයා බි්රතාන්ය කිරීටයට වගකිව යුතු වූ අතර වෙළෙඳ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් ද පිළිපැදිය යුතු විය. නෝර්ත් ආණ්ඩුකාරවරයාට වෙළෙඳ සමාගමේ මෙරට නිලධාරින්ගෙ න් ද හොඳ සහායක් නොලැබුණි. ද්විත්ව පාලනයේ පැවති මෙබඳු අසාර්ථකවීම් නිසා 1802 වර්ෂයේ දී එම ක්‍රමය අවසන් කොට මෙරට මුහුදුබඩ ප්‍රදේශ බි්රතාන්ය කිරීටයේ යටත් විජිතයක් බවට පත් කෙරිණි. එතැන් සිට බි්රතාන්යයන් සතු මෙරට ප්‍රදේශවල පාලන කටයුතු මුළුමනින් ම බි්රතාන්ය ආණ්ඩුව යටතට පත් විය.
බි්රතාන්යයන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1798 වර්ෂයේ දී රාජාධිරාජසිංහ රජුගේ අභාවය සිදු වන විට උඩරට සිංහාසනයට උරුමකම් තිබූ නායක්කර් කුමාරවරුන් දෙදෙනෙකු සිටිබව පෙනේ. එක් අයෙක් කන්නසාමි නම් වූ අතර අනෙක් තැනැත්තා මුත්තුසාමි විය. එවකට උඩරට රාජ්‍යයේ මහාධිකාරම් වූ පිළිමතලව්වේගේ වැඩපිළිවෙළක් අනුව කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කමට පත් කෙරිණි. මුත්තුසාමි කුමරා ආරක්ෂාව පතා ඉංග්‍රීසීන් වෙතට පළා ගියේ ය.
පිළිමතලව්වේගේ වැඩපිළිවෙළක් අනුව කන්නසාමි කුමරා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කමට පත් කෙරිණි. මුත්තුසාමි කුමරා ආරක්ෂාව පතා ඉංග්‍රීසීන් වෙතට පළා ගියේ ය. ඉංග්‍රීසීහු මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටු වීමෙන් පසුව වැඩි කල් නොගොස් උඩරට රාජ්‍ය කෙරෙහි ද තම අවධානය යොමු කළහ. පෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිපත්තිය මෙහි දී විශේෂයෙන් කැපී පෙනේ. නෝර්ත් ආණ්ඩුකාරවරයා මුල් කාලයේ දී තමන්ට වාසි දායක ගිවිසුමකට උඩරට රජු එකඟ කරවා ගැනීමට උත්සාහ කළේ ය. එ් අනුව 1800 වර්ෂයේ මාර්තු මස සෙන්පති මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් උඩරට ට පිරිසක් යැවීමට නෝර්ත් කටයුතු යෙදී ය. හමුදා භටයන් 1164ක් හා කාල තුවක්කු 8ක් ද සහිත මෙම ගමනේ අරමුණ වූයේ ඉංග්‍රීසීන්ගේ යුද්ධ ශක්තිය පෙන්වා තමන්ට වාසි දායක ගිවිසුමකට රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කැමති කරවා ගැනීම ය. එහෙත් විශාල හමුදාවක් උඩරටට ඇතුළු කර ගැනීම මෙන් ම කාල තුවක්කු රුගෙන එ්මටත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසර නොලැබුණි. මේ නිසා හමුදාවෙන් විශාල පිරිසක් කාලතුවක්කු සමග අතරමග නවතා පිරිසකට පමණක් රජු හමු වීමට සිදු විය. මැක්ඩෝවල් උඩරටට ගොස් රජු හා ප්‍රභූ පිරිස සමග සාකච්ඡා පැවැත්වූවත් ඉංග්‍රීසීන්ගේ කොන්දේසි පිළිගැනීමට රජු කිසිසේත් කැමති නොවීය. ගමනෙන් කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් නොලැබුණි. උඩරට රජු තමන්ට අවනත කරගත නොහැකි වීම ගැන නෝර්ත් කනස්සල්ලෙන් පසු විය. උඩරට ස්වාධීන රාජ්‍යයක් පැවතීම මුහුදුබඩ ප්‍රදේශවල ඉංග්‍රීසි පාලනයට බාධාවක් ලෙස සැලකිණ. මේ නිසා වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීමට හමුදා යෙදවීමට අමතරව අභ්‍යන්තර දේශ සීමා ආරක්ෂාවට ද තම හමුදා යෙදවිය යුතු වූ හෙයින් විශාල වියදමක් දැරීමට ඉංග්‍රීසීන්ට සිදු විය. මුහුදුබඩ ප්‍රදේශවල වැසියන් පවා උඩරට රජු තම රජු ලෙස සැලකීමත් එම ප්‍රදේශවල කැරලි ඇති වූ විට උඩරට රජු කැරලිකරුවන්ට ආධාර දීමත් ඉංග්‍රීසීන්ට පැවති තවත් ගැටලූවකි. උඩරට රාජ්‍ය කිසියම් විටෙක තම සතුරන් වූ ප්‍රංශ ජාතීන්ගෙන් ආධාර ඉල්ලා සිටියහොත් එය තම පාලනයට තර්ජනයක් වන බව ද ඉංග්‍රීසීහු දැන සිටියහ. එසේ ම කොළඹ පාලන මධ්‍යස්ථානයේ සිට තම ප්‍රධාන නාවික මධ්‍යස්ථානය වූ ත්‍රිකුණාමලය සමග ගොඩබිමෙන් සබඳතා පැවැත්වීමටත් ඉංග්‍රීසීන්ට අවශ්‍ය විය. මෙම ස්ථාන දෙක අතර ගොඩබිම් සබඳතා පැවැත්වීමේ දී උඩරට රාජ්‍යයේ බල ප්‍රදේශය හරහා ගමන් කළ යුතු ව තිබුණි. මේ සඳහා මාර්ගයක් ඉදි කර ගැනීමටත් ඉංග්‍රීසීන්ට අවශ්‍ය විය. මෙබඳු කරුණු නිසා උඩරට රාජ්‍ය තමන්ට අවනත කර ගැනීම හෝ යටත් කර ගැනීම කෙරෙහි ඉංග්‍රීසීහු අවධානය යොමු කළහ. 1803 උඩරට ආක්‍රමණය මැක්ඩෝවල්ගේ ගමනෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු පසු නෝර්ත් ආණ්ඩුකරු උඩරට ආක්‍රමණට කිරීමට තිරණය කළේ ය. එ් අනුව 1803 වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාසවල කොළඹ හා ත්‍රිකුණාමලයේ සිට හමුදා කණ්ඩායම් දෙකක් උඩරටට යැවීමට නෝර්ත් කටයුතු යෙදී ය. මැක්ඩෝවල්ගේ නායකත්වයෙන් කෙරුණු මෙම ආක්රමණයේ දී පෙබරවාරි 21 දින ඉංග්‍රීසි හමුදාවෝ මහනුවර නගරයට ඇතුළු වූහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා නගර වැසියෝ ආරක්ෂක උපායක් වශයෙන් නගරය අතහැර ගොස් සංවිධානය වන්නට වූහ. ඉංග්‍රීසීන් විසින් උඩරටට කැඳවාගෙන ගොස් සිටි මුත්තුසාමි කුමරා රජු හැටියට ප්‍රකාශයට පත්කරන ලදී. එහෙත් මුත්තුසාමිට කිසිදු සහායක් ලබා නොදුන් උඩරුටියෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වටා එකතු වෙමින් සටනට සූදානම් වූහ. වැසි සමය ආරම්භ වීමත්, ඉංග්‍රීසි හමුදාව අතර ලෙඩ රෝග පැතිර යාමත් පහතරට
සිට උඩරටට තිබූ සැපයුම් මාර්ග උඩරුටියන් අවහිර කර තිබීමත් නිසා ආහාරපාන හිඟ වීමෙන් හා කොළඹ සමග පණිවිඩ හුවමාරුව දුෂ්කර වීමෙන් ඉංග්‍රීසීහු අනපේක්ෂිත තත්ත්වයට මුහුණ දුන්හ. මේ අතර කල් යල් බලමින් උඩරුටියන් එල්ල කළ ප්‍රහාර නිසා ඉංග්‍රීසි හමුදාවට මහත් පරාජයක් අත්විය. තම රූකඩ පාලකයා වූ මුත්තුසාමි කුමරා උඩරු ටියන්ට පාවාදීමට සිදු වීමෙන් ඉංග්‍රීසීන් ලැබූ පරාජයේ තරම පැහැදිලි වේ. මෙම ආක්‍රමණයට පෙර නෝර්ත් ආණ්ඩුකාරවරයාට උඩරට පිළිබඳ ව නිවැරදි
අවබෝධයක් නොතිබිණි. එහෙත් තම ආක්‍රමණය පරාජයෙන් කෙළවර වීමත් සමග උඩරට රාජ්‍ය ශක්තිමත් බවත් මෙබඳු ආක්රමණවලින් එය ජය ගත නොහැකි බවත් නෝර්ත් ආණ්ඩුකාරවරයාට පැහැදිලි විය. මේ නිසා 1803 ආක්‍රමණයෙන් පසුව උඩරට සම්බන්ධයෙන් ඉතා උපායශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසීන් පෙළඹුණි.
1815 උඩරට ආක්‍රමණය 1805 වර්ෂයේ දී නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලය නිම වීමෙන් පසු
තෝමස් මෙට්ලන්ඞ් මෙරට ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වශයෙන් පත් විය. නෝර්ත් මෙන් උඩරට ආක්‍රමණය කිරීමට නොගිය හෙතෙම අනාගත ආක්‍රමණයකට අවශ්‍ය පසුබිම ගොඩනැගීමේ උපායශීලී ප්‍රතිපත්තියක් දියත් කළේ ය. එ් සඳහා ඔහු ජෝන් ඩොයිලි නම් කාර්ය ශූර සිවිල් සේවකයා යොදා ගත්තේ ය. ජෝන් ඩොයිලි
ජෝන් ඩොයිලි කේම්බි්රජ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ලංකාවට පැමිණි ඔහු සෙසු අය මෙන් දේශීය සංස්කෘතිය හෙලා නොදැක එය අවබෝධ කර ගැනීමට උගත්තේ ය. ඔහු කොරතොට ධම්මාරාම, මොරතොට ධම්මක්කන්ද යන හිමිවරුන් යටතේ ශාස්ත්‍රීය කටයුතුවල නියැළුණේ ය. ඩොයිලි ගජමන් නෝනා සමග ද තරගයට කවි ලිවීමට පවා සමත් වූ බවට ජනප්‍රවාද ගත තොරතුරු තිබේ. දේශීය සිරිත් විරිත් පිළිබඳ මනා දැනුමක් තිබූ ඩොයිලි බුලත් සැපයීමට පවා පුරුදු විය. මේ නිසා ජනතාව අතර පමණක් නොව උඩරට රදල ප්‍රධානීන්ගේ ද ප්‍රසාදය දිනා ගැනීමට හෙතෙම සමත් විය. තම හැකියාවලින් ප්‍රයෝජන ගත් ඩොයිලි තීක්ෂණ බුද්ධියකින් යුතුව තමාට පැවරුණු රාජකාරි සේවය සාර්ථකව නිම කළේ ය. ජෝන් ඩොයිලි උඩරට ප්‍රභූන් සමග ජෝන් ඩොයිලි උඩරට රදල ප්‍රභූන් සමග රහසිගත සබඳතා පවත්වා ගනිමින් ඔවුන් ඉංග්‍රීසීන්ට පක්ෂපාතී කර ගැනීමට කැප වීමෙන් කටයුතු කළේ ය. එසේ ම වෙළෙන්දන් සාස්තරකරුවන් වැනි විවිධ වෙස්ගත් චරපුරුෂයන් උඩරට ට යවමින් රාජධානියේ අභ්‍යන්තර කටයුතු ගැන සියලූ තොරතුරු රුස් කිරීමට ඔහු කටයුතු කර ඇත. මේ නිසා උඩරට රාජධානියේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ වෙනත් කිසිදු යුරෝපීයෙකු නොදත් තොරතුරු රුසක් අනාවරණය කර ගැනීමට ඩොයිලිට හැකියාව ලැබුණි. මේට්ලන්ඩ් හා ඩොයිලි විසින් ගොඩනගන ලද වාසිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගෙන උඩරට යටත් කිරීමේ ඉදිරි පියවර තබන ලද්දේ මේට්ලන්ඩ්ට පසු ආණ්ඩුකාර තනතුරට පත්ව ආ රොබට් බ්රවුන්රිග් විසිනි. උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වීමට හේතු වූයේ ඉංග්‍රීසීන්ගේ උපායශීීලී කටයුතු පමණක් නොවේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයේ දී එම රාජධානියේ පරිහානිය ඉක්මන් කෙරෙන කරුණු රුසක් නිර්මාණය වී තිබුණි. අත්දැකීම් අඩු තරුණ අයෙකු වූ රජු නායක්කර් ඥතීන්ගේ බසට අවනත වී තීරණ ගැනීමට පෙළඹුණු බව පෙනේ. උඩරට අවසාන මහාධිකාරම්වරුන් දෙදෙනාම රජු සමග මත භේද ඇති කර ගෙන තිබුණි. රජු බලයට පත් කළ පිළිමතලව්වේ මහාධිකාරම් හා රජු අතර ගැටුම් ඇති වී එහි ප්‍රතිඵල වශයෙන් මහාධිකාරම් මරණීය දණ්ඩනයට ලක් කෙරුණි. අනතුරුව එම තනතුරට පත් වූ ඇහැළේපොල අධිකාරම් හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අතර ද ගැටුමක් නිර්මාණය විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයේ දී උඩරට ප්‍රභූ පන්තිය තුළ භේද උත්සන්න විය. මේ නිසා බහුතර රදල පිරිසක් රජුට එරෙහිව කටයුතු කරන තත්ත්වයක් පැවතුණි. මීට පෙර යුරෝපීයන් උඩරට ආක්‍රමණය කළ අවස්ථාවල මහජනතාව සංවිධානය කරමින් රාජධානිය හා රජු රුක ගැනීමේ සටනේ නායකයන් ලෙස කටයුතු කළේ ද මෙකී රදල පිරිස වේ. රජුගේ පාලන කාලය තුළ භික්ෂු ඝාතන කිහිපයක් සිදුවීම නිසා භික්ෂූන්
වහන්සේලා හා රජු අතර සබඳතාව ද ගිලිහී තිබුණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අවසන් වසර කිහිපයේ ගනු ලැබූ ඇතැම් පියවර නිසා රජු හා මහජනතාව අතර සබඳතාව ද බිඳ වැටිණ. බෝගම්බර වැව පුළුල් කිරීම, පත්තිරිප්පුව ඉදි කිරීම හා මහනුවර නගරයේ නවීකරණ කටයුතු ආදියට රාජකාරී සේවය සඳහා පැමිණි සබරගමුව, සත් කෝලරය, සතර කෝරලය වැනි ප්‍රදේශවල ජනතාවට රාත්‍රී කාලයේ අගනුවර නවාතැන් ගැනීම රජු තහනම් කර තිබුණි. මේ නිසා එකී ප්‍රදේශවල ජනතාව මහත් අපහසුතාවලට මුහුණ දුන්හ.
රජුට එරෙහිව සබරගමුවේ කැරුල්ලක් ඇති වූ අවස්ථාවේ වැඩි අපහසුවකිත්
තොරව එය මර්දනය කළ හැකි වුවත් සියයකට වැඩි පිරිසක් කැරුල්ල අවසානයේ මැරුම් කෑහ. මෙම කැරුල්ලෙන් පසු ඇහැළේපොල අත් අඩංගුවට ගැනීමට නොහැකි වීම නිසා මහනුවර සිටි ඔහුගේ බිරිඳ හා දරුවන් රජුගේ අතින් අමානුෂික ලෙස ඝාතනය වූ බව ඉතිහාසයේ දැක්වේ. මනුෂ්‍යත්වයේ සීමා ඉක්මවූ මෙබඳු කටයුතු නිසා 1815 වර්ෂය වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා මහජනතාව අතර විශාල පරතරයක් නිර්මාණය වී තිබුණි. යුරෝපීයන් උඩරට ආක්‍රමණය කළ සෑම අවස්ථාවක ම උඩරට ප්‍රභූ පන්තිය හා
මහජනතාව දිවි හිමියෙන් රජු ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වූහ. උඩරට රාජධානිය ආරක්ෂා කළ එකී මිනිස් පවුර ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කටයුතු නිසා රජුට එරෙහි බලවේගයක් බවට පත් විය. මේ නිසා තම රාජධානිය තුළම රජු අනාරක්ෂිත තැනැත්තෙකු බවට පත් වූ අතර එය ඉංග්‍රීසීන්ට මහත් වාසියක් විය. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1815 වර්ෂයේ ජනවාරි මාසයේ උඩරට ආක්‍රමණය කළ විට සුපුරුදු පරිදි රජු ආරක්ෂා කර ගැනීමට උඩරුටියෝ ඉදිරිපත් නොවූහ. මෙම ආක්‍රමණය උඩරුටියන්ගේ යහපත වෙනුවෙන් සිදු කරන බවත් උඩරුටියන්ගේ සතුරා ඉංග්‍රීසීන් නොව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බවත් එ්ත්තු ගැන්වෙන ප්‍රකාශන උඩරුටියන්ට නිකුත් කිරීමට ද බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇත. ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මහනුවර නගරය
අතහැර ආරක්ෂිත ස්ථානයකට ගොස් සැඟවී සිටියේ ය. මැද මහනුවර පිහිටි එකී ස්ථානය උඩරුටියන් විසින් ම වටලන ලදි. 1815 පෙබරවාරි 18 දින උඩරුටියෝ රජු හා බිසෝවරුන් අල්වා ඉංග්‍රීසීන්ට පාවා දුන්හ. මෙසේ රජු අත් අඩංගුවට ගැනීම නිසා වෙනත් කිසිදු යුරෝපීයෙකු උඩරට දී නොලත් ජයක් ලබා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ.
1815 දී ඉංග්‍රීසින් උඩරට රාජධානිය තම අණසකට ග්‍රහණය කර ගැනීමෙන් පසුව වූවද බොහෝ අභියෝගවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවිය.
ඉන්දියාවේ සහ මියෙන්මාරයේ (බුරුමයේ) දේශපාලන නිදහස ලබා ගැනීමේදී විවිධ ගැටුම් ඇතිවිය. එහෙත් ලංකාවේ දේශපාලන බලය ඉංග්‍රීසින්ගෙන් ලබා ගැනීමේදී ලේ බින්දුවක්වත් නොගැල්ලූනි. ප්රජාතන්ත්රවාදී ලෙස, ව්‍යවස්ථානුකූලව මෙසේ බලය ශ්‍රී ලාංකිකයන්ට පැවරිම වැදගත් සිද්ධියක් වශයෙන් සැළකිය හැකිය.
1948 දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු අපේ දේශීය පාලකයින්ට රට පාලනය කිරීමේ වගකීම හිමිවිය. දේශපාලනික වශයෙන් තවදුරටත් නවීකරණය වීමක් රටතුළ සිදුවිය. මහ පරිමාණ දේශපාලන සහභාගීත්වයක් ඇති එම දේශපාලන නවීකරණයේ ලක්ෂණයක් වේ. එහෙත් 1956 වන තෙක් මහ පරිමාණ දේශපාලන සහභාගීත්වයක් වූවායෑයි අපට තර්ක කළ නොහැකිවේ. සර්ව ජන ඡන්ද බලය 1931දී ලැබුණේ වයස අවුරුදු 21 ට වැඩි ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටය. 1956 බලයට පත් එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා අවුරුදු 18 න් ඉහළ අයට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ලබාදෙන ලදී. කෙසේ වෙතත් 1956 මහ මැතිවරණය තුළ මහ පරිමාණ දේශපාලන සහභාගීත්වයක් ඇතිවූ බව පෙනේ.
එහෙත් දේශපාලන නවීකරණය හා සමගාමීව ආර්ථික නවීකරණයන් වූවායෑයි එක එල්ලේ සඳහන් කළ නොහැකිය. රක්ෂණ හා බැංකු ක්‍රම මූල්‍ය ආයතන 1960 න් පසු දක්නට තිබුණද පුළුල් ආර්ථික නවීකරණයකට අවශ්‍ය වාතාවරණය ගොඩ නැගුනේ 1970 දශකයෙන් පසුව