19 වන ශතවර්ෂයේදී සිංහල පුස්කොළ පොත් නැව් 7ක් එංගලන්තයට රැගෙන ගියා. ඒවා අතර වෙද පොත් නැව් ගනනක් තිබුනා.
දුස්ස්‍රාවීතාවය සහ අනුකූලතාව.දන්තාලේපයක් පිඟානක ගිල්වන්න, එය සැබෑ මී පැණි නම්, එය දිගු අඛණ්ඩ නූල් එකකින් ඇද ගත යුතු අතර, නූල් කැඩී ගිය විට, එය සම්පූර්ණයෙන්ම පහත වැටී, මී පැණි මතුපිට කුඩා කන්දක් සාදනු ඇත, එය සුමට වනු ඇත. සහ සෙමින් අපසරනය. ස්වාභාවික මී පැණි සිහින් සහ සියුම් වන අතර ගැටිති ඉතිරි නොකර සමට පහසුවෙන් අවශෝෂණය වේ.
නියම මී පැණි ඉක්මනින් හැන්දකින් පෙරළෙන්නේ නැත. මී පැණි මේස හැන්දක් ගෙන ඉක්මනින් රවුම් චලිතයකින් හැන්දක් කිහිප වතාවක් පෙරළන්න. මී පැණි එය වටේ ඔතා ඇත, පාහේ බිංදු නොවේ.
මී පැණි කන්ටේනරය තුළට හැන්දක් ගිල්වන්න. හැන්දක් අදින්න, මී පැණි ප්‍රවාහය අනුගමනය කරන්න. ගුණාත්මක එකක් පීත්ත පටියක් සාදා ස්ලයිඩයක වැතිර සිටින අතර එහි මතුපිට බුබුලු සාදයි.
ස්වභාවික මී පැණි දියර හා ස්ඵටික වේ. ස්ඵටිකීකරණ කාලය වර්ණ හා ගබඩා උෂ්ණත්වය මත රඳා පවතී.
මී පැණි වර්ග බොහොමයක් නොවැම්බර්-දෙසැම්බර් මාසවලදී ස්ඵටික වේ. එබැවින්, මෙම අවස්ථාවේදී කැන්ඩිඩ් මී පැණි මිලදී ගැනීම, එය සැබෑ බවට සැකයක් තිබිය නොහැක. මී පැණි බඳුනක තිබේ නම් සහ ස්ථර දෙකක් සෑදී තිබේ නම්: පතුලේ ඝනත්වය සහ ඉහළ දියර වැඩි නම්, මෙය ව්‍යාජ ය. ෆෲක්ටෝස් විශාල ප්‍රමාණයක් ඇති මී පැණි වර්ග කිහිපයක් (හෙදර්, ෂිටිම්, චෙස්නට්) වසන්තය වන තෙක් දියර ලෙස පවතින බැවිනි. ශීත ඍතුවේ මැද ස්වභාවික දියර මීපැණි විශාල දුර්ලභත්වයකි, එය සීනි (මී මැස්සන් සීනි සමඟ පෝෂණය කරන ලදී) හෝ උණු කළ හැක.
පාන් කෑල්ලක් මී පැණි වල විනාඩි 10 ක් ගිල්වන්න. සැබෑ මී පැණි වලදී, රොටි දැඩි වන අතර, ව්‍යාජ ලෙස එය මෘදු වනු ඇත. මෙය මී පැණි සඳහා සීනි සිරප් එකතු කර ඇති බවට ලකුණකි. නියම මී පැණි සම්පූර්ණයෙන්ම ජලයෙන් තොරයි.
මී පැණි බින්දුවක් ගෙන එය පිෂ්ඨය සමග ඉසිය යුතු ය. කහ බිංදුව මත සුදු තොප්පියකින් පිෂ්ඨය පවතී නම්, මී පැණි සැබෑ ය; එසේ නොවේ නම්, එය ව්‍යාජ ය.
ආස්‍රැත ජලය සමග තනුක මී පැණි spoonful කිරීමට, විනාකිරි බින්දු කිහිපයක් එකතු කරන්න. හුණු ඇති විට, කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම හේතුවෙන් මිශ්‍රණය උනු වේ.
විනාකිරි වෙනුවට අයඩින් බින්දු කිහිපයක් අතහැර එය නිල් පැහැයට හැරේ නම්, මී පැණි සඳහා පිෂ්ඨය එකතු කරන ලදී.
කඩදාසි මත මී පැණි දමා ගිනි තබන්න. සැබෑ මී පැණි පිළිස්සෙන්නේ නැත, දිය නොවේ හෝ දුඹුරු පැහැයක් ගනී, එය වටා ඇති කඩදාසි පමණක් දැවී යයි. මී පැණි දිය වී ඇත්නම්, මී මැස්සන්ට සීනි සිරප් සමඟ පෝෂණය වන අතර එය දුඹුරු පැහැයට හැරේ නම් සීනි සමඟ තනුක කරනු ලැබේ.
අක්මාවේ විෂ පැය 24න් ඉවත් කරන ගෙඳපළා ව්‍යාංජනය මඟින් සුව කරන රෝග 18 ක්
රතු පැහැති සිහින් කඳක් සහිත වාර්ෂික ශාකයක් වූ ගෙඳ පලා ශාකය ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වේ. එනම් අතු බෙදී වැඩෙන මෙම ශාකයේ පත්‍ර මාංසල පත්‍ර වන අතර ඒකාන්තරව පිහිටා තිබේ. මල් කහ පැහැති පෙති පහකින් සමන්විත මල් වන අතර ඵලය කරලක් ලෙස වැඩේ. එනම් Portulacaceae උද්භිද කුලයට අයත් ගෙඳපලා ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස බහුලව භාවිතා කරයි. ඊට අමතරව ව්‍යංන්ජනයක් ලෙස, සුප් සකස් කරනවිට ද ගෙඳපලා යොදා ගනී. ගෙඳපලා වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. එනම්
විටමින් A,B,C,E
කැල්සියම්
යකඩ
මැග්නීසියම්
බීටා කැරොටීන්
ප්‍රතිඔක්සිකාරක
පොටෑසියම්
ඔමේගා 3 මේද අම්ලය
තන්තු වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් ගෙඳපලා වල අඩංගු වේ.
එනම් කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කැරටිවල අඩංගු බීටා කැරොටීන් ප්‍රමාණය මෙන් හත්ගුණයක් බීටා කැරොටීන් ද
නිවිති වල අඩංගු විටමින් ඊ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විටමින් ඊ ගෙඳපලා වල අන්තර්ගත වන බවයි.
රසයෙන් අනූන ගෙඳපළා ව්‍යංජනය සකස් කරන ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
ගෙඳපළා කොළ දෙමිටක් කරපිංචා
පරිප්පු
පොල් කිරි කෝප්ප එකක්
සුදුලූනු
කහ ස්වල්පයක්
මිරිස්කුඩු
තුනනපහ කුඩු
තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්
ගෙඳ පලා කොළ මිට ගෙන හොඳින් සෝදා පිරිසිදු කර සිහින්ව ලියලා ගන්න. පසුව පරිප්පු අනෙකුත් කුළු බඩු සමඟ මිශ්‍ර කර සාමන්‍ය පරිදි පිස ඊට ගෙඳපලා කොළ මිශ්‍ර කර හොඳින් කලවම් කර පොල් කිරි එකතුකර පිස ගන්න. එනම් මෙය රසයෙන් මෙන්ම ගුණයෙන් අනූන ආහාරයකි.
ගෙඳපලා ශාකයේ ඖෂධීය භාවිතය
➡️ අධි රුධිර පීඩනය සඳහා, නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා එම රෝගීන් ගෙඳ පලා ව්‍යංජනය ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් ගෙඳ පලා වල අඩංගු පොටෑසියම් රුධිර නාල ඝනවීම, හැකිලීම වළක්වා රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව රුධිර සංසරණය සිදු කරනු ලබයි. එනම් ඉන් අධි රුධිර පීඩනය ඇතිවීම පාලනය වේ. එනම් එය හෘද රෝග ඇතිවීම පාලනය කර ගැනීමට ද උපකාරී වේ.
ඇස් ආශ්රිත ඉදිමුම් සඳහා ඇස්වල ඇතිවන ඉදිමුම සුවකර ගැනීමට ඖෂධයක් ලෙස ගෙඳ පලා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ගෙඳ කොළ ,අරළු ,සියඹලා දළු, එලකිරෙන් තම්බා අඹරා ඇස් වටා ගැල්වීම යෝග්‍ය වේ.
මල බද්ධය, අර්ශස් සඳහා ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන බඩ වේලීම හෙවත් මලපහ පිට කිරීමට අපහසුවීම සමනය කරගෙන හොඳින් මලපහ පිට කර ගැනීම සඳහා ගෙඳ පලා ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ගෙද පලා වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලබද්ධය අර්ශස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි.
අක්මා රෝග සඳහා අක්මාවේ තැන්පත් වූ විෂ ඉවත් කිරීම සඳහා මෙන්ම අක්මාව ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සුව කර ගැනීමට ගෙඳ පලා ව්‍යංජනය සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
පිලිස්සුණු තුවාල සඳහා පිලිස්සුණු තුවාල ඉක්මනින් සුව කර ගැනීමට ගෙඳ කොළ එළ මෝරු වලින් අඹරා එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ.
ආමාශගත රෝග සඳහා ආමාශයේ ඇතිවන නොයෙකුත් රෝග සුවකර ගැනීම සඳහා ගෙද පලා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම උචිතවේ. එනම් එය උදර වේදනාව බඩ පිපුම, අජීර්ණය ආදී තත්වයන් සුව කිරීමට උපකාරී වේ.
ආහාර රුචිය වැඩි කිරීම සඳහා නිතර ඇතිවන ආහාර අරුචිය සමනය කර ආහාර රුචිය වැඩිකර ගැනීම සඳහා ගෙද පලා ව්‍යංජනය ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ගෙද පලා වල අඩංගු තන්තු ආහාර ක්‍රමවත්ව ජීර්ණය කර ආහාර රුචිය වර්ධනය කරනු ලැබේ.ඒ හැරුණු විට
මුත්‍රා සමග ලේ පිටවීම සඳහා
ශරීරගත නොයෙක් ඉදමුම් සඳහා
වකුගඩු රෝග සමනය කිරීම සඳහා
පණු රෝග සමනය කිරීම සඳහා
රක්තවාතය සමනය කිරීම සඳහා
කෘමි විෂ නැසීම සඳහා
අතීසාරය සමනය කිරීම සඳහා
පාචනය සඳහා
මුත්‍රා අඩස්සිය සඳහා
අභ්‍යන්තර රුධිර වහනය සඳහා
චර්ම රෝග සඳහා
හිසරදය සුව කිරීම සඳහා යන ආදී රෝග වලට ඖෂධයක් ලෙස ගෙඳ පලා භාවිතා කළ හැකිය.
පාරම්පරික වෙදකමේ අනාගතය සහ
ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය 2004-2009 අතර කාලය තුළ
++++++++++++++++
අද දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ නිතර ඇසෙන මැසිවිල්ල වන්නේ ලියාපදිංචිය ලබා ගැනීමේ දී පාරම්පරික වෛද්‍යවරයාට සිදුවන අසාධාරණය ගැන ගැටලුවයි. මෙය විසඳීම සඳහා නියම පාරම්පරික වෛද්‍යවරුන් නියම පරම්පරාවක් නැති බාගෙට වෙදකම ඉගෙනගත් අහුලාගත් උරුමයක් ඇති බොරු පාරම්පරික වෙදුන් ගෙන් වෙන් කොට හඳුනා ගැනීමේ ලා යම් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය වේ.
ඒ සම්බන්ධයෙන් 2004-2009 අතර කාලය තුළ මගේ උපදෙස් යටතේ ක්‍රියාත්මක කළ ක්‍රමවේදය මේ දක්වා ලෙස ඉහත ප්‍රශ්නයට යම් ආකාරයක සාර්ථක විසඳුමක් විය. එහිදී පහත සඳහන් පරීක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරනු ලැබීය.
1. ගොනුව සම්පූර්ණ කළ පසු පළාත් ආයුර්වේද කොමසාරිස් හරහා විස්තරාත්මක වාර්තාවක් ලබා ගත යුතුය.
2. සම්මුඛ පරීක්ෂණය පවත්වන්නේ අපේක්ෂකයා හට වඩාත් කිට්ටු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ පළාත් කොමසාරිස් කාර්යාලයේ දිය. දුරබැහැර සිට අපේක්ෂකයින් නාවින්නට ගෙන්වීම අසාධාරණ ක්‍රියාවකි.
3. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ආයුර්වේද වෛද්‍ය සභා නියෝජිතයා හැරුණු විට අන් සියළු වෛද්‍යවරුන් එම පළාත තුළින් ලබා ගත යුතුය. හැකි තාක් පාරම්පරික වෛද්‍ය ක්‍රමය ගැන අවබෝධය ඇති වෛද්‍යවරුන් තෝරා ගත යුතුය.
4. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පළාත් කොමසාරිස් ගේ හා ප්‍රාදේශීය ආයුර්වේද සංරක්ෂණ සභාවේ නියෝජිතයින් නිරීක්ෂකයින් ලෙස සිටිය යුතු අතර ඔවුන් එම පරීක්ෂණය අපක්ෂපාතිව හා සාධාරණ ලෙස පැවැත්වූ බවට සහතික කළ යුතුය.
5. පරීක්ෂක මණ්ඩලය අපේක්ෂකයා ගේ දැනුම (20), දක්ෂතාව (40), පළපුරුද්ද (30) හා පාරම්පරික උරුමය (10) අදාළව කරුණු විමසා ලකුණු දිය යුතුය.
6. අපේක්ෂකයා ගේ දැනුම හා දක්ෂතාව පරීක්ෂා කිරීම වෙනුවට පරීක්ෂක මණ්ඩලයේ දැනුම හා දක්ෂතාව පෙන්වීමට ප්‍රශ්න නොකළ යුතුය. එහිදී වෛද්‍යවරයා විසින් නිපදවනු ලබන නිමි ඖෂධ, භාවිතා කරන අමුද්‍රව්‍ය, හා උපකරණ ආදිය ඇසුරෙන් සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමය අනුව සම්බන්ධතාවක් ගොඩ නගා ගත යුතුය.
7. විශේෂයෙන් ම අපේක්ෂකයා විසින් ප්‍රතිකාර කරනු ලැබූ රෝගීන් ගේ විස්තර අනුව ඔහුගේ දක්ෂතාව අවබෝධ කරගැනීමේ ලා පරීක්ෂණ මණ්ඩලය උත්සාහ කළ යුතුය.
8. සාමාන්‍යයෙන් ගම්බද වෙදමහතුන් විධිමත් සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමේ දී ඇති වන වික්ෂිප්ත බව සහ පිළිතුරු සැපයීමේ පසුගාමී බව වැළැක්වීමට හැකිතාක් සුහදව හා කාරුණිකව ඔවුන් සමඟ කටයුතු කළ යුතුය.
9. සංස්කෘත ශ්ලෝක ආදිය වෙනුවට ඔවුන් හට කටපාඩම් කවි, මන්තර හෝ වෙනත් වට්ටෝරු ප්‍රකාශ කිරීමේ රටාව අනුව ඒවා නිර්ව්‍යාජ ලෙස භාවිතයේ ඇති බව සනාථ කර ගත යුතුය.
10. ඔවුන් ප්‍රකාශ කරන වට්ටෝරු හෝ වෙනත් රහස් ප්‍රතිකාර ගැන හාරා අවුස්සමින් ප්‍රශ්න නොකළ යුතු අතර ඊට අදාළ පරිබාහිර කරුණු ඔස්සේ ප්‍රතිකාර වල අව්‍යාජත්වය අවබෝධ කර ගත යුතුය.
11. කිසි විටෙකත් ඔවුන් සතු පුස්කොළ පොත් හෝ වෙනත් අත්පොත් ආදිය ඔවුන් ගේ කැමැත්තෙන් තොරව නොබැලිය යුතු අතර ඒවායේ ඇති කරුණු ප්‍රකාශ කරන විට ඒවායේ දේශීය අනන්‍යතාව වටහා ගත යුතුය.
12. ප්‍රශ්න කිරීමේදී කලබල කිරීම් හෝ හදිසි කිරීම් හෝ එකවර කිහිපදෙනෙකු ප්‍රශ්න කිරීම් නොකළ යුතු අතර නිදහසේ ගලායන සාකච්ඡාවක් ලෙස පිළිවෙළින් පූර්වාපර සම්බන්ධය ඇති ප්‍රශ්න ඇසිය යුතුය.
13. ලකුණු දීමේදී පරීක්ෂණ මණ්ඩලය විනිවිදභාවයෙන් යුක්තව එය සිදු කළ යුතු අතර එකිනෙකාගේ තීරණ කෙරෙහි බලපෑම් නොකළ යුතුය.
14. අපේක්ෂකයා ගේ අඩුපාඩු සකස් කොට නැවත වාරයක් පරීක්ෂණයට පෙනී සිටිය යුතු නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් ඔහුව දිරිමත් කළ යුතුය.
15. ලිඛිත පරීක්ෂණය සමත් යම් අපේක්ෂකයෙකු වෙතින් මූලධර්ම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කාලය වැය කිරීම නොකළ යුතු අතර ඔවුන් ගේ ප්‍රායෝගික දක්ෂතාව අවබෝධ කරගැනීමට උත්සහ කළ යුතුය.
16. අවශ්‍ය යැයි හැඟෙන විටෙක දී අපේක්ෂකයා ගේ ගුරු වෛද්‍යවරයා මිය ගොස් ඇති විටෙක ඒ සම්බන්ධයෙන් සාධාරණ හා යුක්තිමත් ලෙස සාධනීය පියවරක් අනුගමනය කළ යුතුය.
17. දිනකට සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කරන අපේක්ෂකයින් සංඛ්‍යාව 15 ක් නොඉක්ම විය යුතු අතර එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් අවම වශයෙන් විනාඩි 30 - 40 ක් අතර කාලයක් වැය කළ යුතුය.
18. අපේක්ෂකයින් ගේ භාෂාව සහ සන්නිවේදන හැකියාව ගැන සැලකිලිමත් විය යුතු අතර පාරිභාෂික පද භාවිතය ඔහුගේ දැනුමේ මට්ටමට අනුගත විය යුතුය.
19. කිසි විටෙකත් අපේක්ෂකයා ගේ අභිමානයට හානි වන ආකාරයෙන් හෝ ඔහුගේ පාරම්පරික දැනුම් හෙළා දකින ආකාරයෙන් ප්‍රශ්න නොකළ යුතු අතර ඔහුගේ පිළිතුරු දීමේ රටාවට අනුගත විය යුතුය.
20. යම් හෙයකින් අපේක්ෂකයින් ගුප්ත බලවේග හෝ රහස් වට්ටෝරු හෝ මත පදනම්ව සිය ප්‍රතිකාර කරන හෙයින් ඒවා ගැන හෙළි කළ නොහැකි බව පවසන විටෙක ඔහු ලවා ලිඛිත ව ප්‍රකාශයක් ලබා ගත යුතුය.
මීට අමතරව එකල යෝජනා කළ ප්‍රධාන කරුණු තුනක් ඉටු කරගැනීමට තවමත් නොහැකි වී තිබේ. ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක කෙටුම් පත් කළ සැලසුමක් 2016 දී පමණ වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කළ අතර එය වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ඉල්ලීම් කළ යුතුය.
1. ශ්‍රී ලංකාවේ සියළු “වෛද්‍ය පරම්පරා” ලියාපදිංචි කිරීම: මෙහිදී එක් එක් පරපුර පිළිබඳව විස්තර ඇතුළත් තෝම්බුවක් සකස් කළ යුතු අතර ඒවායේ ඉගෙනුම ලබන සිසුන් ගේ විස්තර ද කල් තබා වෛද්‍ය සභාව වෙත ලබා දීම
2. පාරම්පරික වෛද්‍ය ලියාපදිංචියේ ලිඛිත පරීක්ෂණය සඳහා දැනට නියමිත විෂය නිර්දේශ වඩාත් දේශීය වෛද්‍ය ක්‍රමයට අදාළ වන පරිදි සංශෝධනය කිරීම
3. ලිඛිත පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන සිසුන් හට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනය මැදිහත් වී ක්රමානුකූල පුහුණුවක් ලබා දීම
මේ ආකාරයේ විධිමත් සැලසුමක් හරහා දේශීය පාරම්පරික වෛද්‍ය ක්රමයේ අනාගතය වඩාත් යහපත් කළ හැකි වන අතර වෙනත් ආකාරයේ අන්තවාදී ව්‍යාපාර වලින් සිදුවන්නේ නියම පාරම්පරික වෛද්‍යවරුන් ගේ අවශ්‍යතා ඉටු නොවී පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව බොරු සිහින ලෝක වල අතරමං වීමය. මේ ක්‍රමවේදයේ වාසියක් වූයේ කිසිදු ආකාරයක් බොරුකාරයෙකුට ඉඩකඩ නොලැබීමයි. ඒ කාලයේ දී හෙළ වෙදකම් කරන කල්ලි නොසිටි අතර වෛද්‍ය සූචකයින් හට රාජ්‍ය අනුග්‍රහය ද නොලැබිණ.
නිසි ක්‍රමවේදය අනුව ලියාපදිංචිය ගත නොහැකි සමහර ව්‍යාජ ප්‍රතිරූපකයින් වෙනුවෙන් පෙනී සිටින කල්ලි වල උවමනාවට ක්ෂේත්රයේ බෙදුම්වාදය ක්‍රියාත්මක කරන අන්තවාදීන් ගේ අවශ්‍යතාව වන්නේ “හිඟන්නා ගේ තුවාලය” මෙන් හැමදාමත් මෙම ලියාපදිංචියට අදාළ ගැටලුව පෙන්වමින් සිය පටු අරමුණු ඉටු කරගැනීමය. එහෙත් අපිට අවශ්‍ය වන්නේ මේ රටේ නියම දේශීය අනන්‍යතාව සහිත නිර්ව්‍යාජ වෙදමහතුන් ගේ උරුමය රකිමින් පාරම්පරික වෙදකම නගා සිටුවීමටය.