අතීත කාලයේදි මී තෙල් හින්ද හැටි How Mee oil prepared in the past
මී ශාකයේ පොතු ශරීරයේ ඇතිවන රෝගාබාධ කීපයකටම මී ශාකයේ පොතු භාවිත කරනු ලබයි. විශේෂයෙන් කැඩුම් බිඳුම් අවස්ථාවලදී මෙන්ම සන්ධි වේදනාවන් ඇති වූ අවස්ථාවලදී මී ශාකයේ පොතු භාවිතා කරමින් ඖෂධ සකස් කරනු ලබයි.
තවද මී ශාකයේ පොතු හොඳින් වියලා කුඩු කර තේ කෝපි මෙන් සකසා පානය කිරීමෙන් සෙම් රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. එසේත් නොමැති නම් මෙම කුඩු කිරි සමඟ මිශ්‍ර කර පානය කිරීම ද සෙම් රෝග සඳහා ගුණදායක වේ. මී ශාකයේ පොතු පිලිස්සීමෙන් ලබා ගන්නා අලු භාවිත කිරීමෙන් කැස්ස ඇතුළු උගුරේ ආසාදන ද සුවපත් කරගත හැකි ය.
එසේම දියවැඩියාව පාලනයට යෝග්‍ය ඖෂධයක් ලෙස මී පොතු යොදාගනී.
එමෙන්ම මී ශාකයේ පොතු කසායක් ආකාරයට සකසා පානය කිරීමෙන් දත් මුල් දියවී යාම ඇතුළු මුඛ රෝගවලට සහනයක් සලසා ගත හැකි ය.
සමේ රෝග ඇති වූ අවස්ථාවලදී මී ශාකයේ පොතු හොඳින් අඹරා එම ස්ථානවල ආලේප කිරීම ඉක්මන් සුවයට හේතු වේ.
තවද පාචනය වැනි රෝගී තත්ත්වයන් වලදී මී ශාකයේ පොතු තම්බා පානය කිරීමෙන් එම රෝගී තත්ත්වය වළකා ගත හැකිය.
මී තෙල් හා මී මුරු මී තෙල් සිඳීමෙන් පසු ඉතිරිවන කොටස් මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා වණ්ඩුවේ තම්බා සන්ධි ඉදිමුම් පවතින ස්ථානවල තලපයක් ආකාරයට ආලේප කර වෙලා තැබීමෙන් සන්ධි වේදනාවන් සඳහා ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.
තවද මී තෙල් භාවිතා කිරීමෙන් පිස ගන්නා ආහාර අර්ශස් රෝගීන්ගේ රෝග සුවයට වඩාත් යෝග්‍ය වේ.
නීරෝගී දිවිපෙවෙතක් හිමිකරගෙන ආයුෂ වැඩිකරගැනීමට ඔබත් කැමතිද?
එසේනම් අද අප ඔබට ගෙන එන්නේ අද අපේ රටේ අපට හමුවන පරිසර හිතකාමි ශාක අතර මුල් තැනක් ලබාගන්නා දේශීය ආහාර රටාවත්,දේශීය වෙදකමත් කෘෂිකර්මාන්තයත් සමග අපූරු බැදියාවක් ඇති ජාතියේ පොහොර ගස,විශ්ව සර්ව රෝග නාශකය ලෙස හදුන්වන පංචාංගයම ප්‍රයෝජනයට ගත හැකි මී ගසෙන් ලබාගන්නා මී තෙල් පිලිබදවයි.
ප්‍රථමයෙන්ම මී ගස පිලිබදව සැලකුවහොත් මී ගසේ කොල, පොතු, ගෙඩි,මුල්,මල් ආදී පංචාංගයම ප්‍රයොජනවත් ශාකයක් වන අතර එකල රජ සමයේ මී ගසක් කැපූ පුද්ගලයෙකුට හිමිවූ දඩුවම වන්නේ මරනයයි.ඒ තරම්ම වටිනාකමක් එකල මෙම මහගු ශාකයට ලැබිණ.
අතීතයේ පටන් ගොවියා මෙය තම ගොවිතැන් කටයුතුවල සගයෙකු ලෙස සැලකූ අතර පළිිබෝධ පාලනය සදහාද යොදාගන්නා ලදී.මීට අමතරව කොල දිරපත්වීමෙන් පසට එකතුවීමෙන් පස ඉතාසරවත් වේ.දහවල් කාලයේ මෙන්ම රාත්‍රි කාලයටද ඔක්සිජන් පිටකරන මෙම ශාකය දිව්‍යමය ගුන ඇති සොබදහමේ අපූරු නිර්මාණයකි.
~~ මී ගසේ ඇති ප්රයොජනවලින් බිදක්:-
*මීතෙල් ආයුර්වේදයට අනුව එන පස්තෙල් වලින් එකක් වන අතර කැඩුම් බිදුම් වෙදකම් සදහා බහුලව යොදාගනී.
*මීතෙල් යොදා ආහාර පිසීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගත හැක.
*බඩ වේලිමට මීතෙල් මහගු ඔසුවකි.
*අර්ශස් රෝගය සදහා මීතෙල් වලින් පිසූ ආහාර ඉතාගුණදායී වේ.
*ඇගපතේ වේදනාවක් ඇති විට මී තෙල් ආලේප කිරීමෙන් ඉතා ඉක්මනින් සහනය ලැබේ.
*සන්ධි වල ඇතිවන වේදනාවන් කැක්කුම් සදහා මීතෙල් ලෝහ හැන්දකට ගෙන මදක් රත්කර ආලේපයෙන් සන්ධි වේදනාව සමනයවේ.
*මීමල් තම්බා බීමෙන් අමාශය ආශ්රිත රෝග සුවවේ.
*හෘද රෝග ඇති හෝ නැති ඕනෑම කෙනෙකුට මී ගෙඩි කෂායක් ලෙස තම්බා පානය කිරීම ගුණයි.
*ගොවිබිම් ආශ්රිත මී ගස් වල ගෙඩි කෑමට පැමිණෙන වවුලන්ගේ වසුරු ගොවිබිම් වලට වැටීම නිසා ගොවිබිම් සරැවේ.මෙම වසුරු ගිනි පෙට්ටියක ප්‍රමාණයක යුරියා කිලෝ 3ක රසායනික සංඝටක අඩංගුවේ.
දේශීය ගෘහනියන් මී ඇට කොටා වන්ඩුවේ තම්බා පැසකට දමා තෙරපීමෙන් මීතෙල් ලබාගනි.
~~මී තෙල් වල:-
*ඔලෙයික් අම්ලය 45% ක්ද
*සිට්රියන් අම්ලය 18% ක්ද
*ලිනෝලියන් 14% ක්ද ඇතිබව පර්යේෂණ වලින් සනාථ කරයි .
~~දැන් අප පොල්තෙල් භාවිතා කරන ආකාරයටම ඍජුව සහ වක්‍රව මීතෙල් භාවිතාකලහැක .
දැනට සමහර බටර් සහ මාගරින් නිෂ්පාදන සමාගම්වල සිය නිෂ්පාදන වල ගුණාත්මක බව ඉහල නංවා ගැනිම සදහා මීතෙල් භාවිතා කරයි.
මෙය කියවන ඔබ මී ගසක් දැක තිබේද? මී තෙල් කුප්පියක් බෙහෙත් බඩු කඩයකින් මිලදීගන්නා තැනට අප පත්ව ඇත. එයට හේතුව අප විසින්ම මෙම වටිනා ශාක විනාශ කර දැමීම නිසාය.
** අපට මෙවැනි ශාකයක් සිටුවාගැනීමට හැකිනම් එය අපට මනා පිටුවහලක්වනු ඇත.